අදාළ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයා සමීපයේම සිටි කර්නල්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කටඋත්තරයක් ලබා දෙමින් පවසා ඇත්තේ බ්‍රිගේඩියර්වරයා ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයාට දුරකථනයෙන් කතා කිරීමට ගිය බවත්, ඔහුට දුරකථනයෙන් මේ සියලු සිදුවීම් දන්වන ලෙස නියෝග කර ඇති බව එතැන දී යම් අවස්ථාවක පැවසූ බවත්ය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මේ සිද්ධියෙන් ගැලවීමට උත්සාහ ගත්තද, ඔහුට එරෙහිව සහ අදාළ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව මේ වන විට සාක්ෂි රැසක් ලැබී ඇති බවයි. බ්‍රිගේඩියර්වරයා දිගින් දිගටම පවසා තිබුණේ තමන් දුරකථනය චාර්ජ් කිරීමට වෙනත් ස්ථානයකට ගිය කතාවකි. එහෙත් අදාළ කර්නල්වරයා ඇතුළු පිරිසගේ කටඋත්තරලින් පැහැදිලි වී ඇත්තේ එය එසේ නොවන බවයි.
සිතාරා කුලරත්න
0 comments :
Post a Comment