ලංකාවෙ එකම ස්පේස් සිස්ටම් ඉංජිනියර් මම ඒ ගොල්ලන්ට මං කිවුව දේවල් තේරුනේ නෑ - රෝහිත රාජපක්ෂ


ලංකාවෙ එකම ස්පේස් සිස්ටම් ඉංජිනියර් මම
ඒ ගොල්ලන්ට මං කිවුව දේවල් තේරුනේ නෑ
- රෝහිත රාජපක්ෂ

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන ව්‍යාපෘතියකට දායකවී ලංකාවට මිලියන ගණනක් මුදල් පාඩු කළේ යයි චෝදනා ලැබූ හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂ ඊයේ එෆ්සීඅයිඩී ප්‍රශ්න කිරීමට ලක්වූ පසුව ඔහු මාධ්‍ය වෙත පැමිණ මෙසේ කියා සිටියේය.

‘හැමෝම මගෙන් අහනව කොහෙද මේ සැටලයිට් එක තියෙන්නෙ කියලා.ඉතින් මේ කට්ටියත් මගෙන්
ඇහුවෙ කොහෙද මේ සැටලයිට් එක තියෙන්නෙ කියලා.
ආරම්භයේ සිටම අද වෙනකං ඔක්කොම සියලු දේ පැහැදිලි කළා.ඒගොල්ලො හිතන්නෙ අත්කාචයකින් අහස දිහා බලල ඒක හොයාගන්න පුළුවන් කියල.එතන හිටිය ගොඩක් දෙනෙකුගේ දැනුම නැහැ. මේ සබ්ජෙක්ට් එක ස්ටඩි කරලා ඉංජිනේරුවෙක් හැටියට ඉන්න එකම පුද්ගලයා මම විතරයි.ස්පේස් සිස්ටම් ඉංජිනියරින්. සෑහෙන්න සුහදව තමා කථා කරේ. කරදර දීලා වද දීලා කරන ස්ථානයක් නෙවී. මට තේරෙන විදිහට මේ ඉන්වෙස්ටිගේෂන් එක දේශපාලන වාසි ගබාගැනීමට කරන එකක් කියල තමා මට හිතෙන්නෙ.
මේක මගේ නෙමේ මම මේකෙ වැඩ කරපු එක්කෙනෙක් විතරයි. මගෙ ඩෙසිග්නේෂන් එක තියෙන්නෙ ටෙක්නිකල් ඩිරෙක්ටර් කියලා. මේ කට්ටය හිතන්නෙ මම කම්පනි එකේ ඩිරෙක්ටර් කෙනෙක් කියලා. එතැන තමා තිබ්බෙ පුශ්නෙ මං ඒක පැහැදිලි කරලා දුන්නා.‘
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget