අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්නූ යුධ හමුදාපති.


හමුදාවක් යනු ක්‍රියාන්විත සඳහා නිපදවූවකි. මිනිසුන් මරා හෝ  නියෝග ඉටු කිරීම සඳහා පිහිටුවනු ලැබූ, පුහුණු කරවනු ලැබූ එවන් ආයතනක මිනිස්කමට ලැබෙන වටිනාකම ද්විතීයත් නොව තෘතීය වෙයි. එවන් වූ ආයතනයකින් ද මිනිස්කම් සලකා කටයුතු කරන මිනිසුන් පිළිබඳව ඉඳහිට හෝ අසන්නට ලැබේ. මේ එවන් ආයතනයක අතීතයට සාපේක්ෂව අද දවසේ මිනිසෙකු පිළිබඳව කතාවකි.   

අගෝස්තු 05 වන දින කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි යුධ හමුදාපති නිල නිවසේ (බූඩි හවුස්) පිරිත් දේශනයක් තිබුණු අතර පසුදින උදෑසන හීල් දානය පිරිනැමීමෙන් අනතුරුව නව හමුදාපති මහේෂ් සේනානායක සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානය කරා පිටත් ව ගොස් තිබුණේ සැමරුම් උත්සවයකට සහභාගී වීම සඳහා ය. 1992 අගෝස්තු 08 දා අරාලි තුඩුවේ දී බිම් බෝම්බයකට හසු වීමෙන් ජීවිතක්ෂයට පත් වූ, ගජබා රෙජිමේන්තුවේ සමාරම්භක මේජර් ජනරාල් විජය විමලරත්න සැමරීම වෙනුවෙන් මෙම අවස්ථාව සංවිධානය කර තිබුණේ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසිනි. 

ඊට දිවංගත මේජර් ජනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ පවුලේ උදවිය ඇතුළු පිරිසකට ආරාධනා කර තිබුණු අතර හමුදාපතිවරයා මීට සහභාගී වීම සඳහා ගොස් තිබුණේ අනාරාධිතව, පෙර දැනුම් දීමකින් ද තොරවය.  

සාමාන්‍යයෙන් හමුදාපතිවරයා අනුරාධපුරයට පැමිණි විට ඔහුට නවාතැන් ගැනීම සඳහා හමුදාපති නිල නිවස්නයක් (ශැලේ හවුස්) අනුරාධපුරයෙහි තිබේ. එහෙත් මෙම නිවස්නය අගෝස්තු 6 දින සිට හිටපු හමුදාපතිවරයකු වූ ශාන්ත කෝට්ටේගොඩ විසින් කලින් ම වෙන් කරවාගෙන තිබිණි. 

දැනට වියපත්ව සිටින කෝට්ටේගොඩ මහතා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා අනුරාධපුරයට පැමිණෙන විට මෙම ශැලේ හවුස් නිවස්නය වෙන් කරවාගෙන එහි සිට ප්‍රතිකාර ලබා ගැනිමට යාම ඔහුගේ සිරිතය. එසේ වෙතත් සාමාන්‍යයෙන් ඒ මොහොතේ තනතුර දරන යුධ හමුදාපතිවරයා අනුරාධපුරයට පැමිණෙන්නේ නම් එම දින වෙනුවෙන් ඊට පෙර ශැලේ හවුස් සඳහා කරන ලද වෙන් කිරීම් ඉබේම අවලංගු කෙරේ. 

කෙසේවෙතත් හමුදාපති මහේෂ් සේනානායක මහතා අනුරාධපුරයට පැමිණි පසුව ශාන්ත කෝට්ටේගොඩ හිටපු හමුදාපතිවරයා විසින් නිල නිවස්නය කලින්ම වෙන් කරවාගෙන ඇති බවත්, එහෙත් තමන්ගේ පැමිණීම නිසා නිවස්නය භාර නිලධාරීන් විසින් දැන් එය අවලංගු කර ඇති බවත් දැනගෙන තිබේ. ඔහු වහාම ක්‍රියාත්මක වී ශැලේ හවුස් නිවස්නය පෙර වෙන්කළ පරිදිම ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ පරිහරණය සඳහා ලබා දෙන මෙන් නියෝග කර ඇත. එසේ කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන්ට කොහේ හෝ හමුදා කඳවුරක සිට නිල ඇඳුමින් සැරසී සූදානම්ව ගජබා රෙජිමේන්තුවේ සමරුවට යා හැකි බවත් අසනීපයෙන් පසුවන වියපත් හිටපු හමුදාපතිවරයාට අදාල පහසුකම් නිසි පරිදි ලබා දෙන ලෙසත්ය. 

මේ ශාන්ත කෝට්ටේගොඩ යනු 2004, 2005 යුගයේ හමුදාපතිවරයා ය. LTTEයෙන් කරුණා පාර්ශ්වය බිඳවීම සම්බන්ධයෙන් ඔහු විශාල වැඩ කොටසක් කළ අයෙකි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment