ක්‍රිකට් උපන් එංගලන්තයට කොදෙව්වන්ගෙන් පාඩමක්

ක්‍රිකට් උපන් එංගලන්තයට කොදෙව්වන්ගෙන් පාඩමක්

 

බර්මිංහැම්හිදි පැවති පළමු තරගය එංගලන්තය ජයගත්තේ ඉනිමකින් සහ ලකුණු 209 කිනි. එම තරගයේදී කොදව්වන් එක් දිනයක් තුළ දෙවරක් දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වූ අතර තරගය දින තුනකින් අවසන් විය.

එංගලන්ත ක්‍රීඩකයන් ලීඩ්ස් වෙත පැමිණියේ දෙවන තරගය ද දින දෙක-තුනකින් අවසන් කොට තවත් නිවාඩු දින කිහිපයක් උදාකර ගැනීමේ අටියෙනි.

පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 258 ක් පමණි. පිළිතුර ඉනිම ක්‍රීඩා කරන කොදෙව් කණ්ඩායම තමන් සුළුවෙන් තැකිය නොහැකි බව පසක් කරමින් මේ වනවිට පළමු ඉනිම සඳහා කඩුලු 5 කට ලකුණු 329 ක් රැස් කරගෙන සිටී.

ආරම්භක පිතිකරු ක්‍රික් බ්‍රේත්වේට් ලකුණු 134 ක් ලබාගත් අතර කලෙක සිට ආම්භක පිතිකරුවන්ගේ භූමිකාවට තිබූ ඉඩෝරය නිමා කරමින ඔහු මේ වනවිට සාර්ථක ආරම්භක පිතිකරුවෙක් බවට පත්ව ඇත. අනෙක් අන්තයෙන් එක පිට එක කඩුලු බිඳවැටෙද්දී බ්‍රේත්වේට් හා එක්වූ ෂායි හෝප්ස් සිය කණ්ඩායම අවමානයෙන් ගලවා ගනිමින් ලකුණු 147 ක් ලබාගත් අතර ඔහු දෙවැනි දිනය අවසන් වනවිට ලකුණු 147 ක් ලබාගෙන නොදැවී කඩුල්ලේ රැඳී සිටී.

කොදෙව් කණ්ඩායමේ එංගලන්ත සංචාරය ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇති අතර එයට හේතුව කොදෙව් කණ්ඩායම එක්දින තරගාවලියේදී දක්වන දක්කම් මත ශ්‍රී ලංකා කණ්ඩායම ඉරණම රැඳී තිබීමයි. යම් හෙයකින් ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලිය 5-0 ක් ලෙස පරාජයට පත්ව කොදෙව් කණ්ඩායම එංගලන්තයට එරෙහිව එක් එක්දින තරගයක් හෝ ජයගතහොත් කොදෙව්වන් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව අභිබවා යයි. එසේ වුවහොත් 2019 ලෝක කුසලාන තරගාවලියේ සුදුසකම් ලැබීමේ වටයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුවේ.

කොදෙව් දේශයේ පරිපාලනමය සහ වෙනත් අර්බුද රැසක් තිබියදී ක්‍රීඩකයන් මෙපමණ හෝ දස්කම් දැක්වීම පැසසිය යුත්තකි. ක්‍රිකට් උපන් එංගලන්තයේදීම නැගී සිටිය හැකි බව එංගලන්තය ඉදිරියේ ඔවුන් ඔප්පු කර හමාරය. තරගයේ තීරණය පිළිබඳ පැවසීමට තවමත් වේලාසන වැඩිය. එහෙත් කොදෙව්වන් සැමවිටම දුර්වල කණ්ඩායමක් නොවන බව ඔවුන් ලෝකය හමුවේ ප්‍රකාශ කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment