චෝදනා පිටුපස ඖෂධ සමාගම් - රාජිත සේනාරත්න

චෝදනා පිටුපස ඖෂධ සමාගම් - රාජිත සේනාරත්න

 

ඖෂධ සහ වෛද්‍ය පහසුකම් මිල අඩු කිරීම යටතේ මේ වනවිට ඖෂධ 48 ක පමණ මිල අඩුකර ජනතාවට සහන සලසා ඇති බවත් හෘද රෝගීන් වෙනුවෙන් රුපියල් මිලියනයකට අධික ප්‍රමාණයක් වැය කිරීමට සිදුවූ ස්ටෙන්ට් සඳහා වර්තමානයේදී වැය වන්නේ රුපියල් 315,000 ක් පමණක් බවත් රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.

දුම්කොල භාවිතය අවම කිරීම සඳහා ද අමාත්‍යංශය මේ වනවිට විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. බදු වැඩිකිරීමෙන් පමණක් නොනැවතී ජනතාව දැනුවත් කිරීම සඳහා ද කටයුතු කර ඇතිි අතර ඇමතිවරයා පවසන්නේ ඒ සඳහා ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාර ලැබී ඇති බවයි.

මේ නිසා දුම්කොල සමාගම් සහ ඖෂධ සමාගම් තමන් සමග දැඩි වෛරයෙන් සිටින බවත් විවිධ ආකාරයෙන් තර්ජන සිදුකරමින් සිටින බවත් ඇමතිවරයා පවසයි. විශ්වාස භංග යෝජනා ඉදිරිපත් කර මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට උත්සාහ කළද එය විශ්වාසය තහවුරු කරගැනීම සඳහා භාවිතා කරන බවයි ඇමතිවරයා පවසන්නේ.

බේරුවල නගරයේ පැවති උත්සවයක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළකළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment