අධිකරණ ඇමැතිට චෝදනා : එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයේ තීන්දුව මෙන්න.


අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීමේදී කිසිදු තීරණයක් ගෙන නැතැයි ආරංචි මාර්ග කියයි.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම මීට සුළු මොහොතකට පෙර අවසන් විය.සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූණු එම කෘත්‍යධිකාරී මණ්ඩල රැස්වීම 10.30ට පමණ ආරම්භ විය.

මැතිවරණයේදී පොරොන්දු වූ පරිදි දූෂණ වංචා සම්බන්ධ නඩු කඩිනම් කිරීමට පියවර නොගත්තේයැයි අධිකරණ ඇමැති  විජයදාස රාජපක්ෂ මහතා විවේචනයට ලක්විය. පැය දෙකක් තිස්සේ පැවැති කථිකාවෙන් පසු විජයදාස රාජපක්ෂ මහතා කියා ඇත්තේ තමා කිසිදු වරදක් කර නැති බවයි.

දූෂණ චෝදනා සම්බන්ධ නඩු කඩිනම් කිරීමට තමාට කළ හැකි දෙයක් නැති බව විජේදාස රාජපක්ෂ මහතා කීවද එය කිසිවකු පිළිනොගත් බව නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා සිය ට්විටර් ගිනුමේ පණිවිවිඩයක් සටහන් කරමින් කියා ඇත.

හම්බන්තොට ගිවිසුම අවසන් කරන කරු ආපසුනොහැරෙන බවට  ප්‍රකාශයක් තමා නොකළ බව ද විජයදාස රාජපක්ෂ මහතා කීවේය.  

රැස්වීම අවසානයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පමණක් සාකච්ඡාවක් සඳහා වෙනත් ස්ථානයකට ගියහ.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව අවසන් තීරණයක් ගැනීමේ බලය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පවරා තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment