ඇයි මගේ තාත්තට විතරක් චෝදනා - රවී දියණිය ඔනෙලා අසයි

ඇයි මගේ තාත්තට විතරක් චෝදනා?
- රවී දියණිය ඔනෙලා අසයි

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි ප්‍රහාරයට ලක්ව සිටින විදේශ ඇමති රවී කරුණානායක සම්බන්ධයෙන් ඔහුගේ දියණිය ඔනෙලා විරන්ති කරුණානායක සිය ෆේස් බුක් ගිණුම ඔස්සේ දීර්ඝ ලිපියක් ලියමින් විමසා සිටින්නේ බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන්
සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන
දේවල් නිසා තම පියාගේ චරිත ඝාතනයක් සිදුව ඇති බවත් පසුගිය වසර දෙකක කාලයේ රට වැසියන්ට බොහෝ හොඳදේ සිදු කර නරක කිසිවක් නෑසූ පියා අවසානයේ සියලු සෘණාත්මක චෝදනා වලට ලක්කර වරදකරුවෙකු කිරීම අසාධාරණ බවත්ය.
සියලු දෙනාගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට තමා ගරු කරන නමුත් එක් පුද්ගලයෙකු ඉලක්ක කර සිදු කරන මෙම පහරදීම ගැන නැවත සිතා බලන ලෙසත් විවෘත මනසින් ඒ ගැන සොයා බලා කරුනු තේරුම්ගන්නා ලෙසත්ඇය ඉල්ලා සිටී.
තම පියා කොමිසමෙන් එළියට ඇවිත් මාධ්‍යයට කියූ දේ නැවත මතක් කරමින් ඇය සිය සටහන අවසන් කර ඇත්තේ ‘සතුරන්ගේ පහරට ලක්වීමට වඩා මිතුරන්ගේ වැරදි අවබෝධය තමාට වඩාත් සිත්වේදනා ඇතිකරවන‘ බවයි.
ඔනෙලාගේ ෆේස්බුක් සටහන පහතින්

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment