මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යාපනය මාධ්‍ය සමාජයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. එහිදී මන්ත්‍රීවරයා වැඩි දරටත් කියා සිටියේ, උතුරු පලාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ප‍්‍රමුඛ පළාත් සභාව නියෝජනය කරන සියලුම දෙමළ සන්ධාන මන්ත‍්‍රීවරුන් සමග මේ පිළිබඳ ඉදිරියේදී සාකච්ඡා කොට තීරණයක් ගන්නා අතරම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට රජය සමග සාකච්ඡා පැවැත්වුව ද ඊට මෙතෙක් නිසි විසඳුමක් ලැබී නොමැති බවයිටයි.
එමෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා සිදු කරන උපවාසයන්ටද රජය විසින් මේ වන තුරුත් කිසදු පිළිතුරක් නොදී ඇති අතරම දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ගැටළුව වෙනුවෙන් පිළිතුරු ලබා ගැනීමට දෙමළ දේශපාලන නියෝජිතයින් එක්වී දැඩි තීරණයක් ගත යුතු බවටයි.
වන්නි රොමේෂ් මධුශංක
0 comments :
Post a Comment