අලුත් බදු පනතෙන් විදේශ ශ්‍රමිකයන්ගෙන් බදු ගහන්න දෙන්නේ නෑ

MANUSHA

අලුත් බදු පනත යටතේ විදේශ රැකියාවල නියුතු ශ්‍රමිකයන් මුදල් ලංකාවට එවීමේදී බදු අය නොකරන බවත් එසේ විදේශගත ශ්‍රමිකයන්ගෙන් බදු අය කිරීමට කිසිසේත්ම ඉඩ ප්‍රස්තාවන් නොදෙන බවත් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

අම්පාර අඩ්ඩාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සදහන් කළේ

අලුත් දේශීය ආදායම් බදු පනත විදේශගත ශ්‍රමිකයන් ලංකාවට එවන මුදල් සඳහා බදු අය කරන බවට පසුගිය දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. මේ පනත ගැන විවිධ අදහස් මතු වුණා. විදේශගත ශ්‍රමිකයන් තමන් උපයන මුදල් ලංකාවට එවීමේදී අලුත් බදු පනත යටතේ කිසිදු බද්දක් අය නොකරන බව වගකීමෙන් ප්‍රකාශ කරනවා. එසේ විදේශගත ශ්‍රමිකයන් මුදල් එවීමේදී බද්දක් අය කිරීමට නීති ගෙන ඒමට ඉඩ නොදෙන බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා.

විදේශගත ශ්‍රමිකයන්ගෙන් වසරකට බිලියන අටකට ආසන්න මුදල් ප්‍රමාණයක් ලැබෙනවා. විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන මුදල් වගේම ඔවුන්ගේ පවුල් සංස්ථාවේ ආරක්ෂාව ගැනත් අපි අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ නිසා තමයි විදේශගතවන අවස්ථාවේදී නීතිරීති රාශියක් පනවා තිබෙන්නේ. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පවුල් සංස්ථාවේ ආරක්ෂාව වෙනුවෙන් මේ නීතිරීති පනවා තිබෙනවා. මේ නීතිරීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ආකාරයෙන් විදේශගතවීමට කිසිදු අයකුට ධෛර්යය සපයන්න එපා. ඔවුන්ට උදවු උපකාර කරන්න එපා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව විදේශගත වන විට ප්‍රතිලාභ රාශියක් හිමිවෙනවා. විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවස්ථාව ලැබෙනවා. රක්ෂණ ආවරණ ලැබෙනවා. ළමයින්ට ශිෂ්‍යත්ව ලැබෙනවා. ස්වයං රැකියා සඳහා ආධාර ලැබෙනවා. ලියාපදිංචි නොවී විදේශගත වන අයට මේ ප්‍රතිලාභ හිමිවන්නේ නෑ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment