2017 මංගලගේ අය වැයේ ඉඟි ඉලෙක්ට්‍රික් කාර් - 800 cc කාර් බදු ඉවතට වයින් බියර් ඕනෑම කඩයකින්


2017 මංගලගේ
අය වැයේ ඉඟි

ඉලෙක්ට්‍රික් කාර් - 800 cc කාර් බදු ඉවතට
වයින් බියර් ඕනෑම කඩයකින්
කලාකරුවන්ට ආදායම් බදු සහන


තවත් සති කිහිපයකින් ඉදිරිපත් කිරීමට නියමිත මංගල සමරවීර මුදල් ඇමතිවරයාගේ පළමු අයවැය ප්‍රකාශයේදී අලුත් විදිහේ යෝජනා කිහිපයක් සහ බදු සම්බන්ධ තීරණ කිහිපයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බවට ආරංචි ලැබී තිබේ.
පසුගිය කාලයේ වඩාත් කථාබහට ලක්වූ මෝටර් රථ සම්බන්ධයෙන් බදු සහනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම විශේෂ කාරණාවකි. මෙවර අයවැයෙන් කුඩා ප්‍රමාණයේ මෝටර් රථ (එන්ජින් ධාරිතාව සී. සී. 800) සහ විදුලි මෝටර් රථවල බදු ඉවත් කරනු ඇතැයිද ඒ අනුව එම මෝටර් රථ මිල විශාලලෙස පහත හෙළනු ඇතැයිද
පැවසේ.
හරිත පරිසරයක්‌ ගොඩනැඟීමේ

ජාත්‍යන්තර සංකල්පයට අනුව ඉන්ධන භාවිතය අවම කිරීමට ලෝකයම කල්පණා කරන වෙලාවේ ලංකාවේද එම තත්වය ඇති කිරීම මෙයට හේතු වශයෙන් දක්වා තිබේ.
මේ අතර පසුගිය කාලයේ ඇමැති ජෝන් අමරතුංග පාර්ලිමේන්තුවේදීද ප්‍රකාශ කර තිබුනේ රා කසිප්පු නිසා මරණ ලංකාවේ හැමතැනම සිදුවන්නේ ප්‍රමිතියෙන් යුතු මත්පැන් මිල අධික වීම හා දුලබවීම නිසා බවයි. ඒ අනුව යමින් වයින් හා බියර් අලෙවිය සඳහා පවතින බලපත්‍ර නීතිය මෙවර අයවැයෙන් ලිහිල් කිරීමට තමා යෝජනා කර ඇති බවත් මුදල් අමාත්‍යංශය කරුණු තේරම් ගෙන ඇති බවත් ඇමති ජෝන් පසුගිය සතියේ ප්‍රකාශ කළේය.

සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන ලෝකයේ සෑම රටකම සෑම කඩයකින්ම වයින් හා බියර් මිලදී ගත හැකි නමුත් ඒවා අලෙවියට බලපත්‍ර ලබා දෙන්නේ ශ්‍රී ලංකාවේ පමණකැයිද ඇමැතිවරයා පැවැසු අතර ඒ අනුව වයින් හා බියර් ලංකාවේ සෑම කඩයකින්ම ගතහැකි ලෙස නීති වෙනස් වනු ඇතැයි පවසා තිබේ.

කෙසේ වෙතත් මෙවර අයවැය මගින් විවිධ සහන යෝජනා වුවද බොහෝ අයට සෘජුව බලපාන භයානකම තීරණය වන්නේ 2018 වර්ෂයේ අප්‍රේල් 1දා සිට ක්‍රියාවට නගන්නට නියමිත නව ආදායම් බදු පනතයි. මේ දක්වා ලංකාවේ කිසිදු රජයක් නොකළ ආකාරයට සෑම පුද්ගලයෙකුටම ආදායම් බදු අංකයක් ලබාදී සංවර්ධිත රටවල් සිදු කරන ආකාරයට වත්කම් උපයන හා බැරකරන සියලුම ආයතන නියාමනය කරමින් ඒ ඒ පුද්ගලයාට ආදායම් බදු පැනවීම හා අයකරගැනීම මෙහිදී සිදුවන අතර මේ දක්වා ආදායම් බදු නොගෙවූ අති විශාල පිරිසක් ආදායම් බදු දැලට හසුවනු ඇත.

ඒ සැලසුමට අනුව මාසිකව රුපියල් 41666 ට වඩා ආදායමක් ලබන (සියලුම ඉපැයීම් වලින්) සෑම පුද්ගලයෙකුම රජයට බද්දක් ගෙවන්නට නියමිතය.
ඒකපුද්ගල ආයතන හා ආදායම් ලබන පුද්ගලයන් හට තම වාර්ෂික ලාභයෙන් ලක්ෂ 5 දක්වා බදුවලින් නිදහස් කෙරෙන අතර ඉන් ඉහළට ලබන ලාභයෙන් ලක්ෂ 6ක් දක්වා 4% බැගින්ද ඊළඟ ලක්ෂ 6 දක්වා 8% බැගින්ද බදු අය කෙරේ. ලක්ෂ 6 බැගින් ආදායම වැඩිවන සෑම කොටසකටම ගෙවිය යුතු ආදායම් බදු ප්‍රමාණය 4% බැගින් වැඩිවනු ඇත.

කෙසේ වෙතත් මෙම බදු පැනවීමේදී කලාකරුවන්ට යම් සහනයක් සලසන බව පසුගියදා රජය දන්වා  සිටියේය. කලා ක්ෂේත්‍රයේ නියුතු වූවන්ට විශේෂිත ආකාරයට බදු සහන සහ විරාම ලබා දෙනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment