2020 'කොළඹ' අනතුරක.


කොළඹ.... මේ වෙනකොට ආසියාවේ වැඩිම ඉදිකිරීම් දොඹකර සංඛ්‍යාවක් අහසට නංවලා තියන නගරය විදිහට වාර්තා වෙලයි තියෙන්නේ....

නමුත්, 2020 වෙනකොට නිර්මාණය වෙන අහස උසට නැඟුණු ගොඩනැඟිලි වලින් වැසුණු 'කොළඹ' භාරගන්න ආණ්ඩුව සුදානම් ද?

ඊට අවශ්‍ය කරන පොදු යටිතල පහසුකම් සංවර්ධනය සාර්ථකද?

2020 ගැන ආණ්ඩුව සහ ඊට හිතවත් පාර්ශව හිතන්නේ මැතිවරණ වර්ෂයක් විදිහට.... ඒත්, 2020 කියන්නේ රට අර්බුධ ගණනාවකට මුහුණ දෙන වසරක්... ප්‍රවාහන, බලශක්ති සහ අපද්‍රව්‍යය කළමනාකරණ අර්බුධ එයින් ප්‍රමුඛයි...

කල්පනා කරලා බලන්න... දැනට කොළඹ මාර්ග වල දිනපතා ගමන් කරන වාහන වලට අමතරව මෙම ගොඩනැඟිලි නිසා ඉහල යන ජනගහනයට සාපේක්ෂව මාර්ගයට එකතු වන වාහන ප්‍රමාණය.....

2020 මෙරට විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න තිරසාර වැඩපිළිවලක් නිර්මාණය වෙලා තියනවද?

2020 වෙනකොට සීග්‍රයෙන් ඉහල යන අපද්‍රවය බැහැර කිරීමේ ක්‍රමවත් වැඩපිළිවලක් තියනවා ද?

දැනට මේ අර්බුධ වලට පුංචි හරි විසඳුමක් විදිහට දකින්නේ ජනාධිපති කාර්යාලයට අනුබද්ධිත සෙමා ආයතනය සහ මධ්‍යම පලාත් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් මහ නුවර නගරයේ නියමු ව්‍යාපෘතියක් විදිහට ක්‍රියාත්මක කල 'සහසර' වැඩපිළිවල සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ 'සුර්ය බල සංග්‍රාමය' පමණයි.

2020 කොළඹට සහ රටට මොකක් වෙයි ද? අපි කතා කරමු!!!

-විමුක්ති දුෂාන්ත
www.rawanasinghe.com

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment