යුනිටි ප්ලාසා හිමිකමෙන් 23% ක් රේණුකා යටතට.


රේණුකා කැපිටල් පීඑල්සී විසින් කොළඹ 04, බම්බලපිටියෙහි පිහිටි ව්‍යාපාරික පරිශ්‍රයක් වන යුනිටි ප්ලාසා ගොඩනැගිල්ල අයත් සමාගම වන ON’ALLY HOLDINGS PLC හි 23.04% ක කොටස් අයිතිය අද (25) දින අත්පත් කර ගන්නා ලදී.

රේණුකා කැපිටල් පීඑල්සී විසින් අද දිනයේ දී ON’ALLY HOLDINGS PLC හි ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 4,032,755 ක් මිල දී ගත් අතර එහිදී එක් කොටසකට ගෙවූ මිල රු. 43.00 කි. ඒ අනුව මෙම ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 173.4 ක් ලෙසින් වාර්තා වේ.

රේණුකා කැපිටල් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය රේණුකා සමූහය හා එහි අනුබද්ධ සමාගම් සහ සමූහයට සම්බන්ධිත තනි පුද්ගලයින් විසින් දරනු ලබයි.

ON’ALLY HOLDINGS PLC හි ප්‍රමුඛ කොටස්කරුවා නාගරික සංවර්ධන අධිකාරිය වන අතර එය සතුව සමාගමේ 47.617% ක කොටස් හිමිකාරීත්වයක් තිබේ.

මේ අනුව ON’ALLY HOLDINGS PLC හි දෙවැනියට වැඩිම කොටස් හිමිකමක් දරන්නා බවට රේණුකා කැපිටල් පීඑල්සී අද දිනයේ දී පත්විය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment