මින්පසු සිරකරුවන් රෝහලට දානවානම් වෛද්‍යවරු 3 ක් නිර්දේශ කළ යුතුයි - ඇමති දන්වයි


මින් ඉදිරියට බන්ධනාගාර රෝහලට රැඳවියකු ඇතුළත් කරන්නේ නම් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකුගේ අනුමැතිය අවශ්‍ය බව බන්ධනාගාර පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා සඳහන් කරයි.
මීට පෙර කිසියම්

රැඳවියකු බන්ධනාගාර රෝහලට ඇතළත් කරනු ලැබුවේ එක්‌ වෛද්‍යවරයකුගේ අනුමැතිය අනුවය.

එහිදී අක්‍රමිකතා සිදුවන බවට විවිධ පාර්ශ්ව වෙතින් පැමිණිලි ලැබී ඇති බැවින් ඉදිරියේදී රැඳවියකු රෝහලට ඇතුළත් කරන්නේ නම් වෛද්‍යවරුන් තිදෙනකුගේ අනුමැතිය ලබා ගත යුතු බව වහාම ක්‍රියාත්මක වන පරිදි ඩී. එම්. ස්‌වාමිනාදන් මහතා බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් නිශාන් ධනසිංහ මහතාට උපදෙස්‌ ලබාදී ඇත.

විවිධ පාර්ශ්ව වෙතින් ලැබුණු ඉල්ලීම් හා පැමිණිලි සලකා බැලීමෙන් පසු මෙම තීරණය ගනු ලැබූ බවද ඇමැතිවරයා අවධාරණය කරයි.

සමන් ගමගේ
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment