අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයින්ට දුන් බදු සහන හෝ බදු විරාම අහෝසි

Mangala_09_02_2013

බදු සහන හෝ බදු විරාම ලබාදීම සඳහා මෙතෙක් අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයින්ට තිබූ අවස්ථාව නව දේශීය ආදායම් බදු පනතින් අහෝසි කර ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ආයෝජකයින්ට ලැබෙන බදු සහන පිළිබඳවද පනතේ නිශ්චිතව දක්වා ඇති බැවින් තමන්ට ලැබෙන බදු සහන පිළිබඳව ආයෝජකයින්ට කල් ඇතිවම දැන ගත හැකි බවයි.

යහපාලන සාරධර්මයන් මුදුන් පමුණුවා ගැනීමට සම අවස්ථා දීම අපේ අරමුණයි. මෙතෙක් තම අභිමතය පරිදි අක්‍රමිකව විවිධ බදු සහන ලබාදීම සඳහා අමාත්‍යවරුන් දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන්ට තිබූ අභිමතානුසාරී බලය දේශීය ආදායම් බදු පනත සම්මත වීමෙන් පසු අහෝසි වෙනවා යැයිද ප්‍රකාශනයේ සඳහන්ය.

මෙම තත්ත්වයන් දරාගත නොහැකිව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම විවිධ බොරු ගෙනැවිත් නව බදු පනත ගැන ජනතාව රවටමින් සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ. ‍‍‍ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හෝ පූජ්‍ය ස්ථාන බදුවලට යටත් වනවා යැයි පැවැසීමද ඒකාබද්ධ විපක්ෂය මවා ගත් බොරුවක් බවද මංගල සමරවීර අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment