ක්‍රිකට් තරග පරාජයවීමේ හේතුව මන්ත්‍රි ශෙහාන් කියයි…

SEMASINGHA

දිගින් දිගටම ක්‍රිකට් තරග පරාජයවීම කණ්ඩායමේ වරදක් නිසා සිදුවන දෙයක් නොවන බවත් ඒ සියල්ලම ආණ්ඩුවේ දුර්වලකම නිසා සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ මහත පවසනවා.

අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කළා ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට හේතුව ඒ තුළ ඔට්ටු සහ සූදු පවත්වාගෙන යෑමයි කියලා. ඒ ගැන ආණ්ඩුවේ මතය ප්‍රකාශ කරන ලෙස අපි කියා සිටියත් තවමත් ආණ්ඩුව ඒ ගැන ප්‍රකාශයක් සිදු කර නැහැ.

අද වන විට ක්‍රිකට් ශ්‍රේ ණිගත කිරීම්වල විශාල පසුබෑමකට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. අපි ඉල්ලා සිටිනවා වහාම ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කරන දේශපාලන ඇඟිලි ගැසීම් නවත්වන්න. තිලංග සුමතිපාල නියෝජ්‍ය කතානායකවරයාට ඔට්ටු සහ සූදු ක්‍රීඩාවට සම්බන්ධ සමාගම් ඇති බවට ප්‍රකාශ කෙරෙනවා. ඒ නිසා එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහාම ඔහු ප්‍රකාශයක් කළ යුතුයි. තාවකාලිකව තිලංග සුමතිපාල මහතා ඉල්ලා අස්විය යුතුයි ක්‍රිකට් ක්‍රීඩාවේ මතු වී තිබෙන අර්බුදකාරී තත්ත්වය යළි යථා තත්ත්වයට පත්වන තුරු.

ආණ්ඩුවේ දුර්වලකම නිසයි මේ සියල්ල සිදුවන්නේ. ඒ නිසා ක්‍රිකට් කණ්ඩායමට දෝෂාරෝපණය කරලා ඔවුන්ගේ මානසිකත්වය තවත් කඩාවට්ටන්න එපා

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment