වැලිකඩ ඝාතනයට යුක්තිය ඉල්ලා මහජන පෙත්සමක් ජනපතිට යොමු කෙරේ.

වැලිකඩ ඝාතනයට යුක්තිය ඉල්ලා මහජන පෙත්සමක් ජනපතිට යොමු කෙරේ.

 

මාධ්‍යවේදී කසුන් පුස්සෙවෙල විසින් රචිත "2012-11-10 වැලිකඩ" නම් කෘතිය පසුගිය 15 වනදා මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වුණු අතර එම අවස්ථාවට සමගාමීව මෙම මහජන පෙත්සම අත්සන් තැබීම සිදු කෙරිණි. ඝාතනයට ලක් වූ රැඳෙවියන්ගේ ඥාතීන්, මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරිකයින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියහ. ඔවුන්ගේ අත්සනින් සමන්විත පහත සඳහන් පෙත්සම අද ජනාධිපතිවරයා, අගමැතිවරයා, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ පුනරුත්ථාපන අමාත්‍යවරයා, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා, සහ පොලිස්පතිවරයා වෙත යොමු කෙරිණි. 

මහජන පෙත්සම

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,
අගමැති රනිල් වික්‍රමසිංහ,
අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන්,
අමාත්‍ය සාගල රත්නායක සහ
පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත.

2012.11.09 වැනිදා සහ 10 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ ඝාතනය කෙරුණු රැඳවියන් 27දෙනා වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටීම

වැලිකඩ බන්ධනාගාරය තුළ රැඳවියන් 27දෙනෙකු ඝාතනය වී වසර 5යි.
ගජධීර කමිටු වාර්තාවට වසර 5යි.
විජේදාස කමිටු වාර්තාවට වසර 2යි.
මහජන මුදලින් පත් කළ කමිටු වාර්තා හෙළිකරනු!
ලැයිස්තු ලබා දුන් පුද්ගලයන් සහ ඝාතන වලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන එනු!

මීට,

නීතියේ ආධිපත්‍යයට සහ යුක්තියට ගරු කරන මහජනතාව.

pu 001

pu 2

pu 3

pu 4

pu 5

pu 6

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment