වැලිකඩ - තාජුඩීන් - රතුපස්වල බ්ලාස්ට්!

වැලිකඩ - තාජුඩීන් - රතුපස්වල බ්ලාස්ට්!

 

මේ සිද්ධියට අදාළ මූලික විමර්ශනයේ දී අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් හෙවත් සෝකෝ නිලධාරීන් විසින් රැඳවියන්ගේ මළ සිරුරු අසල තිබී ටී56 වර්ගයේ ගිනි අවි 04 ක්, බන්ධනාගාර පරිශ්‍රය තුළ තිබී ටී 56 හිස් පතොරම් කොපු 647 ක්, ටී 56 ජීව උණ්ඩ 27 ක්, මි.මී. 09 වර්ගයේ හිස් පතොරම් කොපු 91 ක්, එම් 16 වර්ගයේ හිස් පතොරම් කොපු 14 ක්, මි.මී. 09 වර්ගයේ ජීව උණ්ඩ 01 ක් සොයාගෙන තිබිණි. 

මේ අතර 2013 අගෝස්තු 01 වැනි දා සිදු වූ රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධියට භාවිතා කළ බවට රස පරීක්ෂකවරයා වෙත යුද හමුදාවෙන් යවන ලද ගිනි අවි 40 ක් එහිදී භාවිත කර නැති බව රස පරීක්ෂකවරයා විසින් අනාවරණය කරගෙන තිබේ. එමඟින් යුද හමුදාව අධිකරණය නොමඟ යැවීමට උත්සාහ කර ඇති බවත්, ඊට එරෙහිව කටයුතු කළ හැකි බවත් නීතීඥයෝ පවසති. මේ සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි. 

ප්‍රකට රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියෙන් පසු ඔහුගේ අස්ථි කොටස් අතුරුදන් කළ බවට චෝදනා එල්ල වී ඇති එවකට අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් ද නීති ක්ෂේත්‍රයේ බරපතළ කතාබහක් ඇති වී තිබේ. අදාළ පරීක්ෂණ සිදු කිරීමේ වගකීම තිබූ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මෙසේ අස්ථි කොටස් අතුරුදන් කිරීමත්, ඊට අදාළ ව ඔහු ලබා දී ඇති වාර්තාව අසත්‍ය වාර්තාවක් බව හෙළිවෙමින් පැවතීමත් මත ඔහු ව අත්අඩංගුවට ගැනීමට කිසිදු බාධාවක් නැති බව ද පෙන්වා දෙන නීති අංශ, ඔහුට කිසියම් ආවරණයක් ලැබෙන බවට සැක මතු වන බව ද අවධාරණය කරයි.

ලබන 28 වැනි දා වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියට අදාළ නඩුව යළිත් කැඳවීමට නියමිත ය. මේ සිදුවීම් පිළිබඳ පරීක්ෂණ ඉදිරියට යමින් තිබිය දී, ආරක්ෂක අංශ සහ රජයේ ඇතැම් කණ්ඩායම් මෙසේ එම පරීක්ෂණ නොමග යැවීමට කටයුතු කිරීම බරපතළ කරුණක් බවත්, මේ තත්ත්වය වෙනස් කිරීමට ආණ්ඩුවේ ප්‍රධානීන් වහාම මැදිහත් විය යුතු බවත් ඉහත කී නීති අංශ වැඩිදුරටත් අවධාරණය කර සිටී.

- ශාලික විමලසේන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment