GSP+ සහනයෙන් අපනයන ආදායමේ 4.5%ක වර්ධනයක්.


යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ජී. එස්. පී. ප්ලස් සහනය නිසා මේ වසරේ ජූලි මාසය වනවිට අඛණ්ඩව වර්ධනයවී අපනයන ආදායම ධනාත්මක වර්ධනයක් සිදුව එය සියයට 4ත් 4.5ත් දක්වා වැඩිවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කළේය. සාම්ප්‍රදායික අපනයන ආදායම් නිෂ්පාදන ධාරාවට අමතරව රෙදිපිළි හා ඇඟලුම්වලට එතෙර වෙ‍ළඳාමේදී ආදායමක් ලැබී ඇතැයි ද මහබැංකු අධිපතිවරයා කීය. දුප්පත් ජනතාවට වැඩි වශයෙන් වාසි සැලැසෙන අයුරින් වක්‍ර බදු අයකිරීම් අඩුකරනා බදු ප්‍රතිපත්තියක් නව දේශීය ආදායම් පනත ක්‍රියාවට නැංවීමෙන් සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කෙළේය.

දැනට වක්‍ර බදු අයකිරීම් වැඩි, ඍජු බදු අයකිරීම් අඩු මට්ටමේ බදු ප්‍රතිපත්තියක් රටේ ක්‍රියාවට නැංවී තිබේ.

මෙය සමාජීය විසමතාවට ද හේතුවී තිබෙන කරුණකි. ඒ නිසා මේ බදු අයකිරීමේ ප්‍රතිපත්තියේ වෙනසක් සිදුවිය යුතුය. ඒ අනුව වක්‍ර බදු අයකිරීම් අඩුකොට, ඍජු බදු අයකිරීම් වැඩි කිරීම නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීමෙන් පසු සිදුවෙනු ඇතැයි අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අවධාරණය කෙළේය.වසර 2016 වක්‍ර බදු ආදායම් ප්‍රතිශතය සියයට 82ක් වූ අතර, ඍජු බදු අයකිරීම් අනුපාතිකය සියයට 18ක් විය. මේ ප්‍රතිශත සියයට 60 – 40 ලෙසට පත්කිරී‍මේ අරමුණින් වත්මන් රජය ක්‍රියාකරන බව කීවද, එහි සිදුව ඇත්තේ වෙනත් දෙයක් නොවේදැයි මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අධිපතිවරයා ‍ඒ බව කියා සිටියේය.

කොළඹ කොටුව මහ බැංකු මූලස්ථානයේ ඊයේ (26) දහවල් පැවැති මුදල් ප්‍රතිපත්ති විවරණය කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අධිපතිවරයා ඒ බව කීය.

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වසර නිමවනවිට සියයට 4 හෝ සියයට 4.5ක අතර වර්ධන වේගයක් අත්කරගනු ඇතැයි ද, උද්ධමනය සියයට 4 – 6ත් අතර අගයක් ගනු ඇතැයි ද අධිපතිවරයා පැහැදිලි කෙළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment