දළදා මාළිගාවට කෝටියේ අලියා කෝටි 26 ක් දී ලබා ගැනීම ගැන නිලංග සැකයට


විවෘත වෙළඳ පොළෙන් රූපියල් කෝටියත් එකහමාරත් අතර මිලකට අලියකු මිලදී ගැනීමට හැකියාව තිබියදී දළදා මාලිගාවට මියන්මාරයෙන් අලියෙකු මිලදි ගැනීම සඳහා රුපියල් කෝටි 26 ට අධික මුදලක් වැය කිරීමෙන් විශාල වංචාවක් සිදුකොට ඇති බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් පත්කොට ඇති ඒක පුදගල කමිටුවක් මගින් දන්වා ඇත.
ඉන්වොයිස් පත්‍රවල අලියාගේ

වටිනාකම විශාල ලෙස වැඩියෙන් සඳහන් කොට 2007 වසරේදි දළදා මාලිගාවට මියන්මාරෙ  අලියෙකු මිලදීගෙන ඇති බව පෙන්වාදෙන එම ඒක පුද්ගල කමිටුව මෙම වංචාව පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක් සිදුකර මෙයට වගකිවයුතු සියලූදෙනාට දඬුවම් නියම කිරිමට ද නිර්දේශ කර ඇත.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නිමල් දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් යුත් ඒක පුද්ගල විමර්ශන කමිටුව විසින් සිය වාර්තාව මඟින් අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාට මේ බව දැනුම්දී ඇති අතර අමාත්‍යවරයා එම වාර්තාව පාර්ලිමේන්තුවට යොමුකොට ඇත.

රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයකු ලෙස කටයුතු කළ සමන්ත ගුණසේකර මහතා කළ පැමිණිල්ලකට අනුව මෙය සිදු කර තිබුනි.
මෙම මූල්‍ය වංචාව දියවඩන නිලමේ නිලංග දෑල යටතේ සිදුවූවක් නිසා සැකයට භාජනය වී ඇත.
මේ වනවිට ඔහු විදේශගතව සිටී.
කෙසේ වෙතත් අද දින මෙම සිද්ධිය පුවත්පත්වල පළවීමෙන් පසු පිටරට සිට මාධ්‍ය ඇමතූ ඔහු පවසන්නේ එවැනි ගනුදෙනුවක් සිදුවී නැති බවයි. ඉන්වොයිස් පත්‍රවල එවැනි ගණනක් සටහන් කළත් අලියා ලබාදීම මුදලට සිදු කරේ නැති බවත් නොමිලයේ ත්‍යාගයක් ලෙස ලැබුණ අලියාගේ වටිනාකම පමණක් විගණන අවශ්‍යතා මත සටහන් කර තිබූ බවත් ඔහු පවසා ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment