මහින්ද අමරවීර හිතන් ඉන්නෙ එයා පොර කියල - විමලවීර දෙහි කපයි


පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ඉකුත් දා (19) තංගල්ල බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතා මෙසේ කීය.

‘මහින්ද අමරවිර ඇමති සීන් එකෙන් අයින් වෙලා ගොඩක් කල්. එතුමා හිතන් ඉන්නේ සීන් එකේ ඉන්නවා කියලා. එතුමා හිතන්නේ මං පොර
න්‍යායෙන් නේ. එතුමා හිතන් ඉන්නවා එකාබද්ධ

විපක්ෂයේ ලොකුම අභියෝගය අමරවීර ඇමති කියලා. ඒ ගැන අපි කතා කරන්නෙත් නැහැ. අපිට අදාළත් නැහැ. එතුමා කියන විදියට නම් ඒකාබද්ධ විපක්ෂයේ ඉන්නේ මිනීමරු කණ්ඩායමක්
 මම නම් මදුරුවෙක් වත් මරන්නේ නැති මිනිහෙක්. එතුමා කිව්ච්නේ එතුමාගේ පඹයෙක් පිච්චුවා කියලා. එතුමා පඹයෙක් කියලා හරියටම කොහොම දැනගත්තද දන්නෙ නැහැ.
අපිට නම් එතුමා පඹයෙක් කියල හිතුණේ නෑ. එතුමා කියනවා එතුමා පඹයෙක් වුණා කියලා.
මම මෙතන හුස්ම ගනිමින් ජීවත් වෙන්නේ මහින්ද රාජපක්ෂ අපි බේරගත්ත නිසා. අද ඔය මහින්ද රාජපක්ෂ කණ්ඩායම මිනීමරුවොනම් ඔය කියන කණ්ඩායම හුස්ම ගන්නෙත් එතුමා නිසා. ලෙයින් පෙවිච්ච මාතෘ භූමිය පණ ගහන හුස්ම වැටෙන ජීවිත හුස්ම ගන්න නැනට ආරක්ෂා කරලා දුන්නේ ඔහු, ඒ නිසා එතුමා තමයි ඔය කියන හැමෝගෙම ජීවින බේරල දුන්නේ, දැන් අපි ඝාතක කණ්ඩායමක් ..‘


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment