දුෂණ නඩුවලට මහාධිකරණ 3 ක් : දිනපතා නඩු අහන්න යයි.


රුපියල් මිලියන පහකට වැඩි වටිනාකමකින් යුක්ත අල්ලස්, වත්කම්, දුෂණ, මුදල් විශුද්ධිකරණය, වංචා සපාරාධි සාවද්‍ය පරිහරණය, සාපරාධි විශ්වාසය කඩකිරීම, කූට ලේඛන සෑදීම හා වෙනත් එවැනි අක්‍රමකතා පිළිබඳව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩල තුනක් මඟින් දිනපතා නඩු ඇසිම සඳහා අවශ්‍ය පියවර මාස හයක් තුළ ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියට නියම කර තිබේ.

නෛතික කටයුතු (දුෂණ විරෝධි) හා මාධ්‍ය කටයුතු පිලිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් සකස් කරන ලද අපරාධ යුක්තිය පසිඳලීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදු කිරීමට අදාළ නිර්දේශ පිළිබඳ වාර්තාව එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රිවරුන් විසින් ඔක්තෝබර් 12 වැනිදා සවස ජනාධිපතිවරයාට පිළිගැන්වුණු අවස්ථාවේදි ජනාධිපතිවරයා මේ නියෝගය අධිකරණ ඇමැතිනිය වෙත කර ඇත.

දුෂණ විරෝධි මහාධිකරණයක්:

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (1) ඇ ව්‍යවස්ථාව යටතේ දුෂණ විරෝධි මහාධිකරණයක් පාර්ලිමේන්තුව විසින් අලුතෙන් පිහිටුවිය යුතුයැයි ද කාරක සභාව සිය වාර්තාවෙන් කියයි.

එම මහාධිකරණය විසින් දැනට පවතින නීති මඟින් අර්ථ නිරූපණය කර ඇති වැරදි පිළිබඳව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුක්ත විනිශ්චය මණ්ඩල තුනක් මගින් දිනපතා නඩු විභාග පැවැත්විය යුතු යැයි ද කාරක සභාව නිර්දේශ කර තිබේ.

මිනිමැරුම්, මිනිමැරිමට තැත්කිරීම් හා ස්ත්‍රි දුෂණ සම්බන්ධයෙන් මහාධිකරණ නඩු විභාග ආරම්භ වු පසුව එම විභාග ද දිනපතා පැවැත්විය යුතු යැයි වාර්තාවෙන් කියයි.

වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට කාරක සභිකයන් වන අජිත් පී පෙරේරා, එම්.ඒ සුමන්තිරන් ඇතුළු අනෙකුත් සාමාජිකයන් ද, අධිකරණ ඇමැතිනිය, නීතිපතිවරයා සහ අල්ලස් හෝ දුෂණ විමර්ශනන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ද සහභාගී වී තිබේ.

(රාවය)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment