ඔවුන් සඳහන් කරන්නේ දෙමළ දරුවන් සේම සිංහල දරුවන්ද සමානව යුද්ධයෙන් බැට කෑ බවත්, නමුත් මේ වන විට අධ්‍යාපන පහසුකම් වලින් උසස් තත්වයේ පවතින උතුරේ දමිළ දිස්ත්‍රික්ක වල කඩඉම් ලකුණු අඩු වුවත් සිංහල දරුවක් වෙනුවෙන් කඩඉම් ලකුණු අසාධාරණ ලෙසින් වැඩි කර ඇති බවත් ය.
උදාහරණයක් වශයෙන් දෙමාපියන් පෙන්වා දෙන්නේ අධ්‍යාපන පහසුකම් වලින් ඉහළ තැනක් ගන්නා අනුරාධපුර දිස්ත්‍රික්කයට කඩඉම් ලකුණ 160 ක් වන විට යුද්ධයට මුහුණ දුන් වව්නියාවේ දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන සිංහල දරුවන්ගේ කඩඉම් ලකුණු 161 ක් වශයෙන් දක්වා ඇති බවයි. වවුනියාව දෙමළ මාධ්‍ය සිසුන් සඳහා එම අගය 154 කි.
ඊට අමතරව අධ්‍යාපන පහසුකම්වලින් ඉහළ තත්වයේ සිටින යාපනය දිස්ත්‍රික්කයේ එම ලකුණු සීමාව 155 කි. උතුරේ සෙසු දිස්ත්‍රික්ක වන කිලිනොච්චිය - ලකුණු 154, මුලතිව් - 154, මන්නාරම -153 ක් වේ.
ඒ අනුව යුධමය පසුබිමට මුහුණ දෙමින් අඩුම පහසුකම් මෙන්ම අවතැන්ව නැවත පදිංචි කළ වැඩි ජන පිරිසක් සිටින වවුනියාවේ සිංහල දරුවන්ට 161 ක කඩඉම් ලකුණු සීමාවක් ලබා දීම සාධාරණයක්දැයි ප්‍රශ්න කරන දෙමාපියෝ, පහසුකම් ඇති අනුරාධපුරයේ උතුරු මැද පළාතේ මෙම අගය වවුනියාවේ සිංහල දරුවන්ටද වඩා අඩු අගයක් වන 160 ක් වීමද බලධාරින්ගේ අවධානයට යොමු නොවන්නේ මන්දැයි විමසති.
ඊට අමතරව මුලතිව් දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යයට කඩඉම් ලකුණු 160 ක් ලෙසින් දක්වා ඇත. මුලතිව් දිස්ත්‍රික්කයට වැලිඔය කලාපයද හසුවන අතර වැලිඔය ද යුද්ධයට දැඩි සේ බිලිවුණු දැඩි දුෂ්කර ප්රදේශයකි.
එමෙන්ම මෙවැනි වාතාවරණයකට මුහුණ දී ඇති වව්නියාවේ සහ මුලතිව්හි සිංහල පාසල් දරුවන්ගේ කඩඉම් ලකුණු ප්‍රමාණයන් තීරණය කරනු ලබන්නේ කුමන තරාතිරමක් තුළ කුමන වාතාවරණයක් යටතේද යන්න දැන ගැනීමට අයිතියක් ඇති බවද වව්නියාවේ සිංහල පාසල් දරුවන්ගේ දෙමාපියෝ කියා සිටිති.
- වන්නි රොමේෂ් මධුෂංඛ
0 comments :
Post a Comment