ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ ලෝක ළමා දිනය නිමිත්තෙන් පැවති උත්සවයකට සහභාගිවෙමිනි.
කොළඹ නගරය අනාගතයේදී ලෝකයේ ප්‍රබලතම ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට නියමිත අතර ඒ යටතේ කොළඹ නගරයේ ජීවත්වන පවුල්වල ජීවන මට්ටම උසස් තත්වයට පත්වනු ඇත. නාගරික සංවර්ධන අධිකාරිය ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවත් ඒ යටතේ කුඩා කොන්ත්‍රාත්කරුවන්ට ද සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ වියහැකි බව ද ඇමතිවරයා පවසයි.
කොළඹ නගරයේ දියුණු පාසල් විශාල ප්‍රමාණයක් තිබුණද නගරයේ ජීවත් වන ළමුන් විශාල ප්‍රමාණයකට එම පාසල්වල අධ්‍යාපනය හැදෑරීම සඳහා අවස්ථාව ලැබී නොමැති බව පෙන්වා දුන් ඇමතිවරයා පවසන්නේ ඉදිරියේදී ඔවුන් වෙනුවෙන් තවත් ජාතික පාසල් කිහිපයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවයි. මෙරට ඉගෙනුම් ආකෘතිය අනුව විභාග ජයගැනීම හා රැකියා සඳහා සූදානම් කිරීම අරමුණු කරගෙන ඇති බවත් එ් නිසා දරුවන්ගේ මානසික තත්වය පිරිහීමට පත්ව ඇති බවත් රණවක මහතා පවසයි.
එහෙත් දරුවන්ගේ දක්ෂතා අනුව ඉදිරියට යාම සඳහා අවස්ථාව ලැබෙන අධ්‍යාපන ක්‍රමයක් ස්ථාපිත කළයුතු බවත් ඒ සඳහා හොඳම උදාහරණය ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. ෆින්ලන්තයේ අධ්‍යාපන රටාව තුළ දරුවන් අතර තරගකාරීත්වයක් ඇති නොකරන බවයි ඇමතිවරයා පවසන්නේ.
0 comments :
Post a Comment