අලුත්ගම පර්ල් ළමා මාර්ගෝපදේශන මධ්‍යස්ථානව විවෘත කිරීමේ උත්සවයට සහභාගිවෙමින් ඇමතිවරයා මේ බව හෙළි කළේය.
ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10) යෙදී ඇති බව සිහිපත් කළ ඇමතිවරයා ප්‍රකාශ කළේ වසර 25 ක පමණ කාලයක සිට අප එම දිනය සමරන බවයි. මේ වනවිට අමාත්‍යංශය යටතේ මානසික සෞඛ්‍යය සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කර ඇති බවත් එම ඒකකයේ තොරතුරුවලට අනුව මානසික ගැටලුවලින් පෙළෙ පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් තිබෙන බවත් ප්‍රකාශ කළේය.
විශේෂයෙන්ම දරුවන්ගේ මානසික තත්වය ඉහළ දැමීම කෙරෙහි දැඩි අවධානයක් යොමුකළ යුතු බවයි ඇමතිවරයා පවසන්නේ. එය සමස්ත සමාජයේම යුතුකමක් ලෙස සලකා කටයුතු කළයුතු බව ද ඇමතිවරයා පවසයි.
0 comments :
Post a Comment