ලකුණු 317 ක ඉලක්කයක් හඹා යමින් සිටි පකිස්තානු කණ්ඩායමට අද සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 248 ක් පමණි. අසාඩ් ෂෆීක් ශතකයක් (112) වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්රහණය සඳහා කැඳවාගෙන යාමට උත්සාහ කළද ඔහු සුරංග ලක්මාල් හමුවේ දැවීයාමෙන් පසු ශ්රී ලංකා කණ්ඩායමේ ජයග්රහණය තහවුරු විය.
පළමු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 482 ක් ලබාගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්රීඩා කළ පකිස්තානයට ලබාගැනීමට හැකිවූයේ ලකුණු 262 ක් පමණි. ශ්රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේදී ලකුණු 96 කට දැවී ගියද පළමු ඉනිමේ සැලකිය යුතු වාසියක් ලබාගෙන තිබූ හෙයින් ප්රතිවාදීන්ට ලකුණු 317 ක ඉලක්කයක් ලබාදීමට හැකිවිය.
පළමු ටෙස්ට් තරගය ශ්රී ලංකාව ජයග්රහණය කළේ ලකුණු 21 කිනි.
දෙවැනි තරගයේ වීරයා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයද දිනාගැනීමට දිමුත් කරුණාරත්න සමත් විය.
දෙරට අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය ලබන 13 වැනිදා ඩුබායි ක්රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.
0 comments :
Post a Comment