මාර්ගඵල ලාභීන් පහළ නොවීමට ත්‍රිපිටකයේ වැරදි දේවල් ලියැවුනාද?

මාර්ගඵල ලාභීන් පහළ නොවීමට ත්‍රිපිටකයේ වැරදි දේවල් ලියැවුනාද?

එසේ නම් එවැනි සංශෝධිත සූත්‍රවල යමෙකු නිවන් දැකීමට පුහුණු වන ආකාරය ද වෙනස් වී ඇත. ඒ නිසා ජනතාව නිවන් දැකීමට අනුගමනය කිරීමට කරන ක්‍රමද වෙනස් වී ලියැවී ඇත. යථාභූත ඥාණ දර්ශණය ( සෝතාපන්න දර්ශනය) දැක ඇති කෙනෙකුට දැනට පවතින ප්‍රතිඵල නැති ක්‍රම යේ දෝෂ පැහැදිලිවම පෙනේ. 

සංයුක්ත නිකායේ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රයේ ද  පෙන්වා ඇත්තේ පිරිසුදු බුදු පණිවිඩයෙහි ප්‍රතිරූපකයක් සසුන තුල සිටිනවුන්ම බිහි කරන බවය. එතැන් පටන් රහතුන් පහළ නොවන බව එහි සඳහන් වේ.  එය සිදුවූයේ අවුරුදු 2100 කට පෙරය. එනම් ත්‍රිපිටකයේ ලියූ අවදියේය. සද්ධම්ම පණිවිඩය නැති කරන්නේ ගිහියන් විසින් නොවන බව බුදුන් පල කළ එම අනාවැකියෙහි  සත්‍යතාවය සනාථ කිරීම අද අපි මහජනතාවට භාර කරමු. 

බුදු පණිවිඩය බුද්ධාගම ක් ( ජීවන ක්‍රමයක්) බවට පරිවර්ථනය වූයේ ද මේ ත්‍රිපිටකය ලියූ අවදියේමය. බුදු පණිවිඩය ආගමක් නොවන බව බ්‍රහ්මජාල සූත්‍ර යේ සඳහන් වේ. ත්‍රිපිටකයේ වැරදි දේවල් ලියැවෙන බව බුදුන් වහන්සේ කළ අනාවැකි මාර්ග ඵල ලාභීන් පහළ නොවූ දින සිට සත්‍ය වී ඇත.  

වෛද්‍ය ගාමිණී අභය විසිනි

මතු සම්බන්ධයි.

සබැඳි සටහන

නිවන් දකින ක්‍රමය, අවුරුදු 2100කට පසු දැන් විවෘත වී ඇත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment