බරපතල වංචා පිටුපස සිටි ප්‍රබලයන් ඉදිරියේදි හෙළිවේවි - කබීර් හෂීම්

බරපතල වංචා පිටුපස සිටි ප්‍රබලයන් ඉදිරියේදි හෙළිවේවි - කබීර් හෂීම්
පසුගිය මැතිවරණවලදී පැවති රජයේ වංචා දූෂණ පිළිබඳව දැඩි කතාබහක් ඇති වූ අතර වත්මන් රජයේ ප්‍රකාශ කළේ එම වංචා දූෂණවලට පැවති රජයේ ප්‍රබලයන් රැසක් වගකිව යුතු බවයි. එම ප්‍රබලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර රටට සිදුවූ පාඩුව පියවීමට කටයුතු කරන බවට මැතිවරණ සමයේදී පොරොන්දු විය.
 
කෙසේ වෙතත් විවිධ කොමිෂන් සභා පවා පිහිටුවමින් වංචා-දූෂණ පිළිබඳ තොරතුරු හෙළිකර ගත්තද ඒ සම්බන්ධයෙන් පැවති රජයේ ප්‍රබලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තවමත් අසමත්ව තිබේ.
 
මේ වනවිට යහපාලන රජය බලයට පත්ව වසර දෙකක් ගතවී ඇතත් තවමත් අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවන බව වරින් වර ප්‍රකාශ කිරීම හැර අවසන් කළ විමර්ශනයක් හෝ දඬුවම් ලබාදුන් පුද්ගලයෙක් හෝ නොමැත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment