ආසියානු කලාපය පිළිබඳ සලකා බැලීමේදී බොහෝ රටවල සමස්ත බදු ආදායමෙන් 20% ඉක්මවන ප්‍රතිශතකයක් ආදායම් බදුවලින් යුක්ත වන අතර මැලේසියාව, තායිලන්තය වැනි රටවල එම අගය 25% ක සීමාවේ පවතී.
ආශු මාරසිංහ මහතා පවසන්නේ ආදායම් බදු ගෙවිය යුතු පුද්ගලයන් සැලකිය යුතු ප්‍රමාණයක් බදු ගෙවීම පැහැර හරමින් සිටින බවයි. එසේම මේ වනවිට ආදායම් බදු ගෙවමින් සිටින 95% කට වැඩි පිරිසක් විවිධ කූට උපක්‍රම මගින් ඔවන්ගේ සැබෑ ආදායම වසන් කරගෙන සිටීම ආදායම් බදු ප්‍රතිශතය අවම වීමට හේතු වී තිබේ.
මේ වනවිට ශ්‍රී ලාංකිකයන් 120,000 ක් පමණ ආදායම් බදු ගෙවන පුද්ගලය් වුවද එහෙත් ඔවුන්ගෙන් 40,000 ක පමණ පිරිසකගෙන් ආදායම් බදු ලෙස රජයට ලැබෙන්නේ ඉතා අඩු බදු ප්‍රමාණයක් බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.
බදු ක්‍රමය සරල සහ නිරවුල් කිරීම සඳහා නව දේශීය ආදායම් පනතක් සම්මත කරන බව වත්මන් ආණ්ඩුව දිගින් දිගටම ප්‍රකාශ කළද එය තවමත් සම්මත වී නොමැත. පසුගියදා ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස නව දේශීය ආදායම් පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කළේය. එම පක්ෂය පවසන්නේ විවිධ ජාවාරම්කරුවන්ගේ අවශ්‍යතාවලට අනුව ආණ්ඩුව දිගින් දිගටම දේශීය ආදායම් පනත සම්මත කිරීමට කල්දමමින් සිටින බවයි.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment