පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ අජිත්ගේ මස්සිනා විමලුත් බෝම්බ ලෑස්ති කරගෙන


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (25) පැවැති කැබිනට් තීරණ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් දයාසිරි ඇමැතිවරයා කියා සිටියේ ව්‍යවස්ථාව ගැන ප්‍රශ්න මුල්කරගෙන පුද්ගලයින් ඝාතනය කරන්න හෝ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමට කවුරුන් හෝ හිතනවා නම් ඔවුන්ගේ මානසිකත්වය පිළබඳ මැනගත හැකි බවද කීය.

ව්‍යවස්ථාව සම්මත කරන අය

මරාදැමිය යුතු යැයි කමල් ගුණරත්න මහතා කරන ප්‍රකාශ දිහා බැලූ විට ඔවුන් යුද්ධය කළ හැටි පවා හිතාගන්න පුළුවන් බව දයාසිරි ප්‍රකාශ කෙළේය.
ආරක්ෂක අංශ වල සිටි ප්‍රධානින් මෙවැනි ප්‍රකශ කිරීම තුළින් ජාත්‍යන්තරයෙන් පැමිණෙන චෝදනාවලින් බේරා ගැනීමට හැකියාවක් නොමැති බවද පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවට බෝම්බ ගැසූ පුද්ගලයාගේ ඥාතියකුම නැවතත් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමට ප්‍රකාශ කිරීම පරම්පරාගත ලක්ෂණයක් බවත් කී යහපාලන රජය සෑම දෙයම සාකච්ඡාවෙන් සිදු කිරිමට කැපවී සිටින බවද හෙතෙම හෙළි කෙළේය.
අන්තවාදයට ගොස් ප්‍රශ්න විසඳා ගැනීමට යාමෙන් රට තුළ තවත් දරුණු අන්තවාදයක් ඇතිවී ගැටුම් තත්ත්වයකට යා හැකි බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මින් ඉහත ජේ ආර් ජයවර්ධන ජනපති සමයේ පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීමට කටයුතු කළ ජවිපයේ අජිත් කුමාර නමැත්තා මන්ත්‍රී විමල් වීරවංශ බිරියගේ වැඩිමල් සොයුරාය.ඔහු ඒ නිසා අත්අඩංගුවට පත්ව සිරබත් කෑ අයෙකි.
විමල් වීරවංශද පසුගිය සතියේ පාර්ලිමේන්තුවට බෝම්බ ගසන බව කීවේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment