මහ කුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 658/ඒ. වල්පාලුව ග්‍රාම නිළධාරි වසමේ මෙම රක්ෂිතය පිහිටා ඇති අතර එය අක්කර 719ක්. රූඩ් 03ක් පර්චස් 32න් සමන්විත වේ. පෙත්තගම සහ වල්පාලුව රජයේ රක්ෂිතයක් ලෙස 1929 වර්ෂයේදී ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූවකි.
අප වෙත කරුණු හෙළිවන ආකාරයට අළුයම කාලයේ වනයට ඇතුළු වන මෙම දැව ජාවාරම්කරුවන්, දම්වැල් කියත් සහ පොරවා උපයෝගී කරගනිමින්, කපා ගන්නා දැව පාපැදි, යතුරුපැදි, අත්ට්‍රැක්ටර්,ලොරි රථ ආධාරයෙන් පුත්තලම, කල්පිටිය වැනි නාගාරික ප්‍රදේශවෙත රැගෙන ගොස් විකුණනු ලැබේ.
දුර්ලභ ගණයේ තම්මැන්නා, වෙළන්, ඇටරිටි, කැටකලා, අන්දර සහ තවත් වටිනා දැව වර්ග රැසක් මෙම විනාශයට ගොඳුරුව තිබේ. මේ වන විට දැව ජාවාරම්කරුවන් විහාර රක්ෂිතයේ ඇති රජ සමයට අයත් යැයි සැලකෙන පිංවැව, නගුල්වැව, සහ පුරාණ පොකුණ තුල පිහිටා ඇති දැවැන්ත ගස් ද කපා බිඳ හෙලමින් සිටී.
ගස් කැපීමේදී සිදුවන අධික ශබ්දය නිසා වනයේ සිටින වන සතුන් කලබලයට පත්වන බවත් ඒ අනුව වල් අලි රංචු දිවා කාලයේ ගම් වැදීම සිදුවන බවත් ගම්වාසීන් පවසයි. මේ හේතුව නිසාවෙන් නුදුරේදීම අලි මිනිස් ගැටුමක් මෙම රක්ෂිත බල ප්‍රදේශය තුල නිර්මාණය වීමේ ඉඩකඩ වැඩි බවට ගම්වාසීන් මැසිවිලි නගති.
ප්‍රදේශවාසියෙකු පවසා සිටියේ මෙවැන්නකි.
‘මේ ගස් කැපිල්ල අදක ඊයෙක ඉදලා මෙහෙ සිද්ධවෙන දෙයක් නෙමෙයි. අවුරුදු ගාණක ඉදලා මේ කැලේ මේ ගස්පාළුවො බදු අරගෙන එක දිගටම කපනවා. හැබැයි මෙව්වා කපන්නෙ ගමේ අය නෙමෙයි. ඔය සියඹලා ගස්වැව කියන ගමේ ඉදලා එන පිරිසක් ඉන්නවා. එයාලා තමයි මේ වැඩේ කරගෙන යන්නෙ. අනෙක මේ ජාවාරම කරන්නෙ අසරණ මිනිස්සු නෙමේ. හොදට සල්ලි පනම් තියෙන යාන වාහන තියෙන පිරිස තමා'
සම්බන්ධයෙන් අපත් සමග හඩ අවදිකල විහාරාධිපති හිමියන් පවසා සිටියේ ......
‘මේ විනාශය ගැන මම රජයේ වගකිව යුතු බළධාරින්ට දණුවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ බලධාරියා වශයෙන් ප්‍රාදේශීය ලේකම් වරයාව මම ලිඛිතවත් වාචිකවත් දැණුවත් කරලා තියෙනවා. එයාලත් මේ වෙනකම් කිසිම ක්‍රියා මාර්ගයක් අරන් නැහැ'
අප කල විමසුකදී 658/ඒ වල්පාළුව වසම භාර ග්‍රාම නිළධාරි ඒ.එච්.එම්. විජිත බණ්ඩාර මහතා පවසා සිටියේ මෙවැන්නකි
'මම ඔය සම්බන්ධව ප්‍රාදේශීය ලේකම්තුමාව දැණුවත් කලා. ඊට අමතරව මම යෝජනාවක් ගෙනාව ඔය කියන පන්සල අයත් රක්ෂිත ප්‍රදේශය තුල ජනතාව පදිංචි කලානම් ඔය හානිය අවම කර ගන්න පුළුවන් කියලා. මොකද ජනාවාස ඉදිවුණාම වල් අලි හානිය අවම වෙනවා. තව දෙයක් තමා කොහොඹ අන්දර ඔය කියන කැලේ කොහෙත්ම නැහැ. මම හිතන්නෙ නැහැ එව්වා කපනවා කියලා. මේ ඔක්කොම රජය සතු ඉඩම් ඉතිං මෙව්වා කපද්දි කපන අය කව්රුන්ද කියලා හදුනා ගන්න අපිට අවශ්‍ය වෙනවා මම පොලීසියටත් කිහිප වතාවක්ම දැණුම් දුන්නා. තව දෙයක් දැව ජාවාරමක් සිද්ධ වෙනවා නම් පොලීසිය මැදිහත් වෙලා ඒවා අත් අඩංගුවට ගන්න එපායැයි .
නැගෙන චෝදනාව සම්බන්ධයෙන් මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් දිලාන් ගුණරත්න මහතා....
ඔව් එහෙම වසමක් තියෙනවා ඕක අයිති වනසංරක්ෂණයට. මම එයාලව දැණුවත් කලා මෙහෙම වන විනාශයක් සිද්ධ වෙනවා කියලා. එයාලා මට නැවත ලිඛිතව දැණුම් දීලා තියෙනවා එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ කියලා. ඊට අමතරව රජය සතු ඉඩම් තියෙනවා ඒවාගේ සිද්ධ වෙනවාද කියලා බලන්න මම ග්‍රාම නිළධාරිවරයාව දැණුවත් කලා. එයා එහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නැහැ කියලා එයා මට වාර්තා කළා. පන්සලේ හාමුදුරුවොවත් නිකම්වත් මාව දැණුවත් කරලා නැහැනෙ. මේක පුදුම වැඩක් උන්වහන්සේගෙත් වගකීමක් මාව දැණුවත් කරන එක එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ.
කේ. ප්‍රියංකර
පුත්තලම
0 comments :
Post a Comment