මෙවන් සංවර්ධන ව්‍යාපෘති වල පවත්නා විනිවිදභාවය පිළිබඳ එදත් ප්‍රශ්න තිබුණි. අදත් එහි වෙනසක් නැත. ටෙන්ඩර් කැඳවීමේ සිට ව්‍යාපෘතිය අවසානය තෙක් හැමදාමත් ප්‍රශ්න වැලක් ඉතිරිව පැවතුණි. යහපාලනය තුළද එයම ප්‍රශ්නය වී තිබේ. නැත්නම් අධිවේගී මාර්ග පෞද්ගලිකරණය කිරීමෙන් වළකින ලෙස බලපෑමක් සමාජය තුළ ගොඩනැගෙන්නේ නැත. මෙරට දේශපාලකයන්ට දිව හැරෙන හැරෙන අතට ඕනෑම කතාවක් කීමට හැකි හෙයින් අවසානයේ සියල්ල බැලන්ස් කිරීමට ඔවුන් සමතුන්ය.
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර නඩත්තු කරනමින් පවත්වාගෙන යන ඉන් ලාභද උපයන අධිවේගී මාර්ග පෞද්ගලික අංශයට පැවරීමේ ආණ්ඩුවේ සුදානමක් පවතින බවට වූ පුවතට තවත් පණ ලැබුණේ රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඊට හරස් වීමත් සමඟය. රාජ්‍ය අමාත්‍යවරයා උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දුන්නේ අධිවේගී මාර්ග පෞද්ගලිකරණය කිරීම පිළිබඳ පළ වන පුවත් හි සත්‍ය අසත්‍යතාව සවිස්තරාත්මකව පැහැදිලි කරන ලෙසයි. රාජ්‍ය දේපළ පෞද්ගලිකරණය කිරීමේ සැලැස්මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරෝධය එල්ල වන බවද ඔහු සටහන් කිරීමට අමතක කර නොතිබුණි. යහපාලන හවුලේ දේශපාලන ඝට්ටනයන් ද මේ මාර්ග අවුල තුළ නිතැතින්ම ප්‍රදර්ශනය වූ තවත් කරුණකි. එය දැනට මදකට පසෙකින් තබා අධිවේගයේ අවුල පිළිබඳව සාකච්ජා කිරීම වැදගත් කොට සලකන්නේ දක්ෂිණ අධිවේගයේ ගොන්කම මධ්‍යම අධිවේගයෙන්ද පෙන්නුම් කරමින් පවතින හෙයිනි. එහෙයින් කොතනින් හෝ පටන් ගෙන ප්‍රශ්න නිරාකරණය කරගත යුතුය.
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන අමාත්‍ය මණ්ඩල සංදේශය අධිවේගී මාර්ග පෞද්ගලිකරණය කිරීමේ කතා බහට මුල් වී තිබේ. පෞද්ගලික රාජ්‍ය සහයෝගීතා (PPP) ආකෘතිය තුළින් රාජ්‍ය අංශයේ යටිතල පහසුකම් සඳහා ආයෝජනය කිරීම ලෙස එම අමාත්‍ය මණ්ඩල සංදේශය නම් කර ඇත. යටිතල පහසුකම් සංවර්ධනය රටක සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රධාන කාර්යයක් ඉටුකරන අතර ඒ වෙනුවෙන් ආයෝජනය කිරීම රජයේ කටයුත්තක්ව පැවතියත් පසුගිය දශක කිහිපය තුළ එම දර්ශනය වෙනස් වී ඇතිබව එහි සඳහන් වෙයි.සංවර්ධන ක්‍රියාවලියේදී අපට වඩා ඉදිරියෙන් සිටින අනෙක් රටවල් විසින් මුල්‍ය හා බාහිර සමතුලිතතාව ස්ථාවර කිරීම සඳහා කාර්මික සංවර්ධනය කඩිනම් කරන ලද සෘජු විදේශ ආයෝජන වලට යොමු වීමෙන් ශීඝ්‍රයෙන් සංවර්ධනය කිරීම වෙනුවෙන් සාර්ථක විකල්ප ආකෘති තෝරා ගෙන ඇති බවයි එම අමාත්‍ය මණ්ඩල සංදේශයේ දැක්වෙන්නේ.
වැදගත් යටිතල පහසුකම් ව්‍යාපෘති වෙනුවෙන් හැමවිටම රාජ්‍ය ආධාර බලාපොරොත්තු වීම නිසා ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය කලාපයේ සෙසු තරඟකාරී රටවලට වඩා පසුගාමී තැනක පවතින බව රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. එය රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරිත්වයට දැඩි පීඩනයක් එක්කර ඇති බවයි වික්‍රමසිංහ මහතා සිය අමාත්‍ය මණ්ඩල සංදේශය මඟින් අවධාරණය කරන්නේ. මෙම පසුබිම යටතේ වෙනත් රටවල් අත්හදා බලා ඇති සාර්ථක PPP ආකෘතිය කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් බවයි එහි දැක්වෙයි.
ඒ අනුව සහනදායි ගිවිසුම්,ඉදිකිරීම - මෙහෙයුම් කිරීම- පැවරීම (BOT), ඉදිකිරිම-හිමිකම-ක්‍රියාත්මක කිරීම- පැවරීම(BOOT )හා ඉදිකිරිම-හිමිකම-ක්‍රියාත්මකකිරීම (BOO) වැනි PPP ආකෘති නව යටිතල පහසුකම් සන්න්වර්ධනය සඳහා යොදා ගන්නා බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. මේ අතර දිගුකාලීන බදු,සහනදායි ගිවිසුම්,හා භාරගැනීම්-ක්‍රියාත්මක කිරීම-පැවරීම(TOT )යන ආකෘති වත්කමක් ලෙස දැනට පවත්නා යටිතල පහසුකම් මඟින් අරමුදල් ඉහළ නංවා ගැනීම සඳහා යොදා ගන්නා බවද දැක්වෙයි. මෙම ආකෘති දිගුකාලීනව සෘජු විදේශ ආයෝජන ගලා ඒම සඳහා මෙන්ම ජාත්‍යන්තර ආයෝජකයින්ගේ අපේක්ෂාවන් වැඩි කිරීමටද එය ඉවහල් වන බව අමාත්‍ය මණ්ඩල සංදේශයේ වැඩිදුරටත් දැක්වෙයි.
මෙම අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව පෞද්ගලික රාජ්‍ය සහයෝගීතා (PPP) ආකෘතිය යොදා ගෙන ආයෝජන අවස්ථා පුළුල් කරගැනීමට උත්සහා දරන බව පෙන්වා දෙයි. එහෙත් ප්‍රශ්නය වන්නේ අවම වශයෙන් පාඩු හෝ නොලබන ව්‍යාපෘතියක් මේ සඳහා යොදා ගන්නේ ඇයිද යන්නයි. මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් පවසන ආකාරයට දක්ෂිණ අධිවේගී මාර්ගයේ වසරක ලාභය බිලියන 4ක් පමණ වෙයි. දැනට එහි නඩත්තු කටයුතු සියල්ල සිදුවන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය මඟිනි. මෙවන් තත්ත්වයක් තුළ මාර්ග සංවර්ධන අධිකායේ වගකීමෙන් ලිහිල් කර එයට තවත් අතරමැදියෙකු සම්බන්ධ කිරීමේ අරමුණ කුමක්ද ?
එම අමාත්‍ය මණ්ඩල සංදේශයට මුදල් අමාත්‍යංශයේ නිරීක්ෂණද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය වෙත යොමු කර තිබේ. PPP ආකෘතිය හරහා සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා උපක්‍රම හා යාන්ත්‍රණයන් පිළිබඳව සොයා බැලීම සඳහා අමාත්‍ය මණ්ඩල මඟින් පත්කරන ලද සාකච්ජා සම්මුති කමිටුවක් (CANC) හෝ අමාත්‍ය මණ්ඩලය මඟින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවක් (CAPC) හා ව්‍යාපෘති කමිටුවක් (PC) පත්කිරීමත් සෘජු විදේශ ආයෝජන නැත්නම් ජාත්‍යන්තර ආයෝජකයන් කැඳවීම සඳහා සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක සඳහා PPP ආකෘතිය ක්‍රියාවට නැංවීම වෙනුවෙන් අභිමතයන් පළකිරීම කැඳවීම (EDI), මිල ගණන් කැඳවීම (RFQ) හා යෝජනා කැඳවීම (RFP) සඳහා බලය ලබා දීමට මුදල් අමාත්‍යාංශය එකඟ වී ඇත.
කෙසේ හෝ මෙය අමාත්‍යමණ්ඩල අවධානයට යොමු වූ කාරණයකි. කොතෙක් සැඟවීමට උත්සහ කළද සිදුවන්නේ කුමක්ද යන්න ආණ්ඩුව විශේෂයෙන් කැබිනට්ටුව නොදන්නවා විය නොහැක්කකි. විදෙස් ආයෝජන වලට මුවා වෙමින් ලාභ ලබමින් තිබෙන රාජ්‍ය ආයතනයකට, පෞද්ගලික අංශය සාධාරණ යැයි සිතෙන ආකාරයට හේතු දක්වමින් ගෙනවිත් එබ්බවිමට ගත් උත්සාහයට මාර්ග සංවර්ධන අධිකාරියේ වෘත්තීය සමිති සමස්තයක් ලෙස විරෝධය පළ කරනු දක්නට ලැබුණි. ශ්‍රීලනිප - එජාප දේශපාලන වලියක් දක්වාම දිගුවක් වූ මේ අධිවේගී ප්‍රශ්නය නතර වූයේ ජනාධිපතිවරයා හමුවේය. කෙසේ වුවත් පටලැවිල්ල විසදී නැත. ඕනෑම අවස්ථාවක නැවත එය කරළියට පැමිණිය හැකිය. එය සිදුවන්නේද දහසක් තර්ක විතර්ක මැද බැලූ බැල්මට සාධාරණ යැයි සිතෙන හේතුද සමඟය.
ආශිකා බ්‍රාහ්මණ
0 comments :
Post a Comment