ජස්ටින් ගලප්පත්ති එජාප වැලිගම ආසන සංවිධායක ධූරයෙන් ඉවතට!

ජස්ටින් ගලප්පත්ති එජාප වැලිගම ආසන සංවිධායක ධූරයෙන් ඉවතට!

 

පසුගියදා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ උප සභාපති ධූරයක් ලැබුණු එක්සත් ජාතික පක්ෂයේ දෙවිනුවර ආසනයේ සංවිධායක එච්.ආර්.විමලසිරි මහතාද ඉන් ඉවත් කර ඇත.

දෙවිනුවර ආසන සංවිධායක ධුරය දකුණු පලාත් සභා මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතාට ලබා දුන් අවස්ථාවේදී ඔහු එය ප්‍රතික්ෂේප කර පත්වීම් ලිපිය ආපසු භාර දී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ කඹුරුපිටිය ආසන සංවිධායක ලෙස පලාත් සභා මන්ත්‍රී බී.ජී.චන්දන ප්‍රියන්ත හා හක්මන ආසනයේ සංවිධායකවරයා ලෙස රංජිත් මුණසිංහ යන මහත්වරු පත් කර ඇත.

කෙසේ වෙතත් ජස්ටින් ගලප්පත්ති හා චතුර ගලප්පත්ති යන පිය පුතුන්ට සිදුව ඇති අසාධාරණයත් සමග පක්ෂය තුල දැඩි අර්බුදකාරි තත්වයක් හට ගෙන තිබෙන බව වාර්ථා වේ.

 

*** වාර්ථාව ඉදුනිල් කැළුම් ජයවීර***

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment