ලේ විලක් මැද සිටි කාන්තාවගේ පිහිටට ආ කුණු එකතු කරන මහත්මයා.


මනුස්සයෙක් තවත් මනුස්සයෙක්ට හෝ සත්ත්වයෙක්ට උදව් කරන්නේ පෙළඹෙන්නේ කීයෙන් කී දෙනාද?

ජීවිතේ කොච්චර අමාරුකම් තිබුණත් අහක බලන මිනිස්සු වැඩිවෙලා.

පාරේ වැටිලා හිටියත් අහක බලන සමාජයක් තමයි දැන් දකින්න ලැබෙන්නේ.

ඒත් එහෙම මිනිස්සු ඉන්න අතරේ හිත හොඳ මිනිසුන් පිරිසකුත් ඉන්නවා.

අපි මේ කියන්න යන්නේ මුහුණු පොතේ හුවමාරු වන ඡායාරූප කිහිපයක් ගැන.

සිද්ධිය වෙලා තියෙන්නේ බොරැල්ල මංසන්දියේ.

බොරැල්ල ප්‍රදේශයෙන් පාර මාරු වීමට ගිය මහළු කාන්තාවක් වාහනයක ගැටී ලේ ගොඩක් මැද්දේ වැටී සිටින විටදී කොළඹ මහ නගර සභාවේ කුණු එකතු කරන මනුස්සකම් ඇති මහත්මයෙක් විසින් එම කාන්තාව ඔසවාගෙන සිටින ඡායාරූපයක් තමයි මෙලෙස මුහුණු පොතේ හුවමාරු වෙන්නේ.

කොහොමවුනත් මිනිසුන්ගේ මනුස්සකම් ගිලිහී ගොස් ඇති මෙවන් වෙලාවක උතුම් මනුස්සකම් පිරුණු අයත් ඉන්නවා කියන එකට මේ ඡායාරූප සාක්ෂි දරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment