නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට ප්‍රකාශ වූ අදහස් මල්වතු පාර්ශ්වයේ නිළ මතය නෙවේ - මල්වතු අනු නාහිමි

නව ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට ප්‍රකාශ වූ අදහස් මල්වතු පාර්ශ්වයේ නිළ මතය නෙවේ - මල්වතු අනු නාහිමි
අදාළ සාකච්ඡාවට මල්වතු හා අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම සහභාගී නොවු බවත් මල්වතු පාර්ශවය නියෝජනය කරමින් ඊට සහභාගී වූයේ තමන් වහන්සේ හා ශ්‍රීදළදා මාලිගාවේ තේවාව භාර තිබ්බටුවාවේ මේධංකර හිමි පමණක් බවත් උන්වහන්සේ කීහ.
 
ව්‍යවස්ථාව සම්බන්ධ මල්වතු පාර්ශවයේ අවසන් තීරණයක් ප්‍රකාශයට පත් කරන්නේ මහනාහිමි මේ පිළිබඳ දැනුවත් කිරීමෙන් පසු බවත් සාකච්ඡාවේ තීන්දු මල්වතු පාර්ශවයේ තීන්දුවක් ලෙස ප්‍රකාශ කිරීම වැරදි බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ. අදාළ සාකච්ඡාව පවත්වන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම දැනුවත් බවත් එහි අවසන් තීන්දුව මහනාහිමිවරු විසින් තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු සිදුකරන බවත් අනුනාහිමියෝ අවධාරණය කළහ.
 
අදාළ තීන්දුව මහනාහිමි අනුමත කරන තුරු පාර්ශවයේ තීන්දුවක් ලෙස එය සැලකීම නිවැරදි නොවන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.
 
මේ පිළිබඳ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අදහස දැන ගත හැකි වන්නේ උන්වහන්සේ මෙරටට වැඩම කිරීමෙන් පසු බවත් අදාළ සාකච්ඡාවෙන් පසු තමන් වහන්සේ කළේ ව්‍යවස්ථාව සම්බන්ධව තමන් වහන්සේගේ මතය බවත් විමලධම්ම හිමියෝ කීහ.
 
නුවර නදීක දයා බණ්ඩාර
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment