කොළඹ නගරාධිපති පුටුවට රෝසි සහ ෆේරියල් සටනේ

එළැඹෙන‍ෙ ජනවාරි මාසයේදී පවත්වන්නට නියමිත බවට වාර්තා පළවන පළාත් පාලන මැතිවරණයේදී
කොළඹ මහනගර

සභා පුරපතිධූරය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය තරග වදින්නට නියමිතව තිබීම මේ වනවිට ස්ථිර වී ඇත.
ශ්‍රීලනිපයෙන් ඒ සඳහා හිටපු ඇමතිනියක වන ෆේරියල් අෂ්රොෆ් මහත්මිය ඉදිරිපත් කරනු ඇති බවද වාර්තා වේ.
 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය නගරාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කිරීමට සූදානම් වුවත් ඔහු ජයග්‍රහණය අපහසු එජාප බලකොටුවක් නිසා මෙම අවස්ථාවට එක්නොවී සිටිනු ඇති බවටද හිටපු නගරාධිපතිවරයෙකු  වන මහින්ද හිතවාදී ඕමාර් කාමිල් වඩාත් සුදුසු බවට ඔහු යෝජනා කර ඇති බවටද වාර්තා පළවේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment