පලාත්පාලන මැතිවරණ බෝලය මැතිවරණ කොමසාරිස් ට පාස් වෙයි. - සුරේඛා සමරසේන

පලාත්පාලන මැතිවරණ බෝලය මැතිවරණ කොමසාරිස් ට පාස් වෙයි. - සුරේඛා සමරසේන


මෙම පනත් සංශෝධන තුන ම, මැතිවරණ ක්‍ර‍මය වෙනස් කිරීමට අදාළ නීති අවශ්‍යතා සපුරන නීති තුනක් වන අතර, එම නීති සංශෝධන, මැතිවරණ කොමිසමේ නිර්දේශ මත සකස් විණි.
මේ අතර අද (12 වැනිදා) මධ්‍යම රාත්‍රියේ දී, පළාත් පාලන ආයතන වල නව ‘සභික ධූර සංයුතිය‘ අඩංගු ගැසට් නිවේදනය ද මුද්‍ර‍ණයට යැවීමට නියමිත බව , ‘විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක්‘ මඟින්, ‘ලංකා නිව්ස් වෙබ්‘ වෙත අනාවරණය වන අතර, ඉකුත් දා, ‘සීමා නීර්ණය‘ ට අදාළ ගැසට් නිවේදනය (2006/44) ද නිකුත් විණි.
නව ඡන්ද ක්‍ර‍මය ට අදාළ වූ ‘වැදගත් ම නීති අඩංගුව‘ ලෙස සැලකිය හැකි, ‘2017 අංක 16 දරණ, පලාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත‘ ඔක්තෝබර් 09 වැනිදා පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
මේ අනුව, ‘මිශ්‍ර‍ ක්‍ර‍මය‘ යටතේ මී ළඟ ‘පලාත් පාලන මැතිවරණය‘ පැවැත්වීමට අදාළ ප්‍ර‍ධානත ම නෛතික අවශ්‍යතා සියල්ල ම සම්පූණ වී ඇතැ‘යි කිව හැකි ය.
ඒ අනුව, මැතිවරණ කොමිසම විසින් ගනු ලබන කළමණාකරණ පියවර මත, ඉතා ඉක්මනින් ම ‘නව මැතිවරණ ක්‍ර‍මය‘ අනුව, ‘පලාත් පාලන මැතිවරණය‘ පැවැත්වෙතැ‘යි අපේක්ෂා කළ හැකි ය.

මැතිවරණයට අදාළ ප්‍ර‍ධානත ම වෙනස්කම් :

2017 අංක 16 දරණ, ‘පලාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත තුළින් හඳුන්වා දෙන ප්‍ර‍ධානත ම වෙනස්කම් ලැයිස්තුව මෙයාකාරය.

 ප්‍ර‍ධාන ප්‍ර‍ඥප්තියේ 9 වැනි වගන්තිය සංශෝධනය කරමින්, සංවර්ධන, සුබසාධක, ආර්ථික, සමාජ, සෞඛ්‍ය යනා දී විෂය පථයට ගැනෙන රජයේ ක්ෂේත්‍ර‍ නිලධාරියෙකු ලෙස, අදාළ පලාත් පාලන බල ප්‍රදේශය තුළ අවම වසරකට පෙර රාජකාරි කළ අයෙකු ‘ඡන්ද අපේක්ෂකයෙකු වීම වරණය කෙරේ...
 ප්‍ර‍ධාන ප්‍ර‍ඥප්තියේ 12 වැනි වගන්තිය සංශෝධනය කරමින්, ‘මැතිවරණ දිස්ත්‍රික්ක‘ යන යෙදුම වෙනුවට ‘මැතිවරණ කොට්ඨාස‘ යන්න ආදේශනයෙන් මැතිවරණ ක්‍ර‍ම වෙනසට බලපාන නීතිය...
 ප්‍ර‍ධාන ප්‍ර‍ඥප්තියේ 27 වැනි වගන්තිය සහ 28 වැනි වගන්තිය සංශෝධනය කරමින්, පලාත් පාලන ආයතන වල කාන්තා නියෝජනය සියයට විසි පහ (25%) සහතික කරන නීතිය...
 ප්‍ර‍ධාන ප්‍ර‍ඥප්තියේ 28 වැනි වගන්තිය සංශෝධනය කරමින්, සියයට තිහක (30%) කට නොඅඩු වන පරිදි, පලාත් පාලන ආයතන වල තරුණ නියෝජනය සහතික කරන නීතිය...
 ප්‍ර‍ධාන ප්‍ර‍ඥප්තියේ 29 වැනි වගන්තිය සංශෝධනය කරමින්, අපේක්ෂකයින් ගේ ඇප තැන්පතුව පහත හෙලීමේ නීතිය...

|2017 අංක 16 දරණ, ‘පලාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත මෙතැනින්|

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment