ඇමැති සමරවීරගේ නිවසට පැන්න හොරා හසුවේ


තලංගම, හෝකන්දර ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින කම්කරු රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතාගේ නිවසේ
තිබූ විදුලි උපකරණ

සහ භාණ්ඩ තොගයක් සොරකම් කළ තරුණයෙකු පොලීසිය ඊයේ(12) අත්අඩංගුවට ගෙන තිබේ.
හෝකන්දර - දකුණ පුංචි වැල්ලන්ගිරිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ හසු විය.
ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ අයෙකු බව පොලිසිය පවසයි.
සොරගත් භාණ්ඩ තොගයෙන් කොටසක් සැකකරු විසින් අලෙවි කර ඇතැයිද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
නිවස තනන ස්ථානයට ආරක්ෂකයෙකු දමා තිබුණ නමුත් පිටතට යන වේලාවක් බලා සොරා ඇතුළුවී තිබුණි.ප්‍රෙද්හයේ පුද්ගලයින් පැවසූ හෝඩුවාවන් හා සීසීටීවී දර්ශන ඔස්සේ මෙම සොරකම අල්ලාගන්නට හැකිව ඇත.
සැකකරු 24 වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment