පළාත් පාලන මැතිවරණයට තවදුරටත් බාධක

පළාත් පාලන මැතිවරණයට තවදුරටත් බාධක

 

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප්‍රාදේශීය සභාවල 2010 වසරේ මැතිවරණය පැවැත්වීම කල්දැමීමට සිදු වූ අතර එය මෙතෙක් පැවැත්වීමට නොහැකි විය. එම ආයතන දෙකෙහි මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග දක්වා ගිය අතර එම කටයුතු තවමත් නිරාකරණය වී නොමැත.

මීට අමතරව ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය නුවරඑළිය දිස්ත්‍රික්කයේ නව පළාත් පාලන ආයතනයක් පිහිටුවීම සඳහා රජයෙන් ඉල්ලීමක් සිදුකර ඇති අතර එ් සඳහා රජය එම සන්ධානයට පොරොන්දුවක් ලබා දී තිබේ. නව පළාත් පාලන ආයතනය සම්බන්ධයෙන් තවමත් මෙතෙක් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැති අතර එය නව ආයතනය පිහිටුවන්නේ නම් මැතිවරණය තවදුරටත් කල්දැමීමට සිදුවනු ඇත.

උපාලි සපරමාදු

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment