චීනයේ පැවති ලෝක වුෂු තරගාවලියේදී ලෝකඩ පදක්කම් 09 ක් ශ්‍රී ලංකාවට

චීනයේ පැවති ලෝක වුෂු තරගාවලියේදී ලෝකඩ පදක්කම් 09 ක් ශ්‍රී ලංකාවට

 

මෙසේ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත්වූ ක්‍රීඩකයින් අතර තනි ඉසවු තරග සඳහා සහභාගි වූ ඩබ්ලිවු .කේ සරච්චන්ද්‍ර ලෝකඩ පදක්කම් 02 , ජීවන් මදුරංග ලෝකඩ පදක්කම් 02 යි , හිරුෂ ජයසේකර ලෝකඩ පදක්කම් 02 යි, එච්. එම්. පී. මනුරංග ලෝකඩ පදක්කම් 1 යි, එස්. එල්. ඩී. කරුණාරත්න ලෝකඩ පදක්කම් 1 ක් වශයෙන් දිනාගෙන තිබේ. ඊට අමතරව කණ්ඩායම විසින් පදක්කමක් දිනා ගත්හ.

මීට අමතරව ශ්‍රීලංකාවේ වුෂු ඉතිහාසය තුල කණ්ඩායම් තරඟ ඉසවුවකට සහභාගි වී ලබාගත් ප්‍රථම ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා වුෂු සම්මේලනයට අනුබද්ධ දකුණුපලාත් ක්‍රීඩකයින් දිනා ගැනීම මෙම තරඟයේ විශේෂත්වයකි .මෙම දකුණු පළාත් වුෂු කණ්ඩායම සඳහා අනුග්‍රහය ලබාදී ඇත්තේ ශ්‍රී ලංකාවේ චීන තනාපතිවරයාවේ.

මෙම තරඟය පසුගිය 07 වනදා සිට 12 වනදා දක්වා චීනයේ ඊමේය්ෂාන් නගරයේදී පැවැත් වූ අතර මෙම තරඟය සඳහා ක්‍රීඩකයින් 17 ක් හා එක් ක්‍රීඩිකාවක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී තිබේ.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment