ලංකාවේ '6 ක් ඉන්ටර්පෝල් රතු ලැයිස්‌තුවෙන් ඉවතට.
මෙරට මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට සම්බන්ධ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හයදෙනකුගේ නම් ඉන්ටර්පෝල් පොලිසිය විසින් ජාත්‍යන්තර රතු වරෙන්තු ලැයිස්‌තුවෙන් ඉවත් කර ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කරයි.
මෙලෙස ඉවත්කර ඇත්තේ ප්‍රසන්න ජනක ප්‍රනාන්දු, විදුර ලනාත් ඩී. සොයිසා, සාලිය පෙරේරා, සී නිමල් පද්මසිsරි, වසන්ත කුමාර මෙන්ඩිස් සහ ඡේ. සුජිත් නිශාන්ත නමැත්තන්ගේ නම්ය.
මොවුන්ට 'දුටු තැන අල්ලනු' නියෝග නිකුත් කර තිබිණි.
'දිවයින' මේ පිළිබඳව ඉන්ටර්පෝල් පොලිසියෙන් විමසූවිට ඔවුන් දන්වා එවා ඇත්තේ, ශ්‍රී ලංකා පොලිසියේ ඉල්ලීම මත ඔවුන් අත්අඩංගුවට පත්වීම නිසා හෝ නම් ඉවත්ව යා හැකි බවයි.
එහෙත් මේ පිරිස මෙතෙක් හසුවී නැති බව ශ්‍රී ලංකා පොලිසිය ආරංචි මාර්ග පවසයි.
0 comments :
Post a Comment