එම පළාත් ආයතන සඳහා නාම යෝජනා භාර ගැනීම නොවැම්බර් මස 27 වෙනිදා සිට දින 14 ක් දක්වා සිදුවේ.
අභියාචානාධිකරණය විසින් සීමා නිර්ණය ගැසට් පත්‍රයට එරෙහිව ක්‍රියාත්මක වන තහනම් නියෝගයක් අනුව වාරණයට ලක්ව ඇත්තේ පළාත් පාලන ආයතන 203 ක් බවත් අනිකුත් පළාත් පාලන ආයතන 133 ක් සඳහා මැතිවරණය පැවැත්විය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
නමුත් නිකුත් කළ ගැසට් නිවේදනයේ පවතින මුද්‍රණ දෝෂ නිසා පළාත් පාලන ආයතන 40 ක මැතිවරණය පැවැත්වීමේ බාධාවක් පවතින බැවින් අනිකුත් පළාත් පාලන ආයතන 93 සඳහා මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා භාර ගන්නා ලෙස තේරීම්භාර නිලධාරීන්ට දන්වා ඇති බව මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
0 comments :
Post a Comment