ලීසිං ආයතනයෙන් එවූ ලිපිය දුටු හර්ෂ මල්ලී අයියා බලා සිටියදී කරගත් මහා අපරාධය

කොණ්ඩගල පදිංචිව සිටි හේවාආරච්චිලාගේ හර්ෂ ජීවන් නැමැති 25 හැවිරිදි තරුණයෙක්.

සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වූ මෙම තරුණයා කොරියාවේ රැකියාවක් සඳහා පිටත්ව යෑමට පාඨමාලාවක් හදාරා තිබුණා. එතෙක් සිය මව විසින් මිලට ගෙන දුන් ත්‍රි රෝද රථයේ සේවය කරමින් සිටියදී ඉකුත් 2 වැනිදා යුද හමුදාවේ සේවය කරන සිය වැඩිමහල් සහෝදරයා බලා සිටියදී ගෙවත්තේදී වස පානය කර තිබුණා. වස පානය කළ තරුණයා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (6) වැනිදා අලුයම මියගොස් තිබුණා.

මෙම තරුණයා දිවුලපිටිය ප්‍ර දේශයේ ලීසිං ආයතනයකින් ණය මුදලක් ලබා ගෙන ඇති අතර එහි රුපියල් 8000 ක මුදලක් ගෙවීමට සිදුව තිබුණා. එම ලීසිං ආයතනය පසුගියදා එවා තිබූ ලිපියක සඳහන් වී ඇත්තේ දින 14 ක් ඇතුළත එම මුදල ගෙවන ලෙසත් නොගෙවන්නේ නම් අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.


ඒ හේතුවෙන් මෙසේ සියදිවි හානි කරගන්නට ඇතැයි පොලිසිය සැක කරනවා. දැදිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment