අනියම් බිරිඳව අමානුෂිකව ඝාතනය කළ සැමියෙකුට වසර 10කට පසු ලැබුණු දඬුවම Ceylon News 24x7 9:08:00 AM Gossips Edit ඇගේ ගෙල වයරයකින් සිරකර මරා දාලා... පෙර විවාහය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් දුරදිග ගිහින්... අනියම් බිරිඳ ඝාතනය කළ අනියම් සැමියෙකුට ගම්පහ මහාධිකරණය විසින් දඬුවම් නියම කර තිබෙනවා මෙලෙස දඬුවම් නියම කෙරුණේ ගම්පහ, මාකෙවිට ප්‍රදේශයේ පදිංචි නිහාල් වික්‍රමරත්න නමැති 37 හැවිරිදි පුද්ගලයෙකුටයි.මෙම පුද්ගලයා 2007 වසරේ දෙසැම්බර් මාසයේදී එම ප්‍රදේශයේම තිබූ කුලී කාමරයක් තුළදී නදීකා දිල්රුක්ෂි නමැති 24 හැවිරිදි කාන්තාවකගේ ගෙල වයරයකින් සිරකර මරා දමා තිබුණා මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකළා. පසුගිය 31 වනදා ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු නියෝග කර සිටියේ විත්තිකරුට මරණ දණ්ඩනය නියම කරන ලෙසයි. රජයේ නීතීඥ නදී අපර්ණා විසින් පැමිණිල්ල මෙහෙයවනු ලැබුවා මරණකාරියගේ පෙර විවාහය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය ඔහු සිදුකර ඇති බවටයි මහාධිකරණය හමුවේ කරුණු හෙළිදරව් වුණේ. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS තව්හිඩ් ජමාඩ් ප්රහාරය ගැන 2016 දී ...අගමැතිට මට හෝ ත්රිවිධ හමුදාපතිවරුන...තාත්ත පරිස්සම් වෙන්න කිව්වට දේවස්ථා...
0 comments :
Post a Comment