ලොව මිල අඩුම වාහනය : 'නැනෝ ඉලෙක්ට්‍රික්' අද සිට වෙළෙඳපොළේ.

ලොව මිල අඩුම වාහනය ලෙස සැලකෙන නැනෝ මෝටර් රථයේ ඉලෙක්‍ට්‍රික් මාදිලිය අද (28) දිනයේ දී ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් හයිද්‍රාබාද් නුවර දී හඳුන්වා දීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

වසර 2030 වන විට භාවිතයේ පවතින සියලූම වාහන ඉලෙක්ට්‍රික් ඒවා බවට පත් කිරීමේ ඉන්දීය රජයේ ප්‍රතිපත්තියට අනුව යමින් මෙම පෙරළිකාර හඳුන්වාදීම සිදුකිරීමට නියමිතය.

Tata Motors සහ තවත් දැවැන්ත ඉන්දියානු මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Jayem Automotives විසින් එක් ව හඳුන්වා දෙනු ලබන මෙහි ආරම්භයේ දී නැනෝ ඉලෙක්ට්‍රික් මෝටර් රථ 400 ක් වෙළෙඳපොළට එක් කරලීමට සූදානම් කර ඇත.

48-Volt ඉලෙක්ට්‍රික් මෝටරයකින් එළි දකින මෙය එක් ආරෝපණයකින් කිලෝ මීටර 200 ක දුරක් ධාවනය කළ හැකි බව නිෂ්පාදකයින් ප්‍රකාශ කර සිටී.

මෙය ඉන්දියානු වෙළෙඳපොළේ ඉන්දියානු රුපියල් ලක්ෂ 5 කට මිල නියම කර තිබේ.

පහත සඳහන් ගුණාංගයන්ගෙන් නැනෝ ඉලෙක්ට්‍රික් මෝටර් රථය සන්නද්ධ වනු ඇත.

• Electric power steering
• Air Conditioner
• Front Power Windows
• Central Locking with Remote
• 12V Power Socket
• Bluetooth
• AUX-in
• Multi-Information Display
• Metallic Paint Options

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget