ජාතික ගීයට,ධජයට ගරු කළ නොහැකි අය ශ්‍රී ලාංකිකයන් නොවේ

ජාතික ගීයට,ධජයට ගරු කළ නොහැකි අය ශ්‍රී ලාංකිකයන් නොවේ

 

මගේ රට මගේ ජාතිය වශයෙන් සලකා එක මව්බිමක් තුළ සහජීවයෙන් යුතුව ජීවත්විය යුතු නමුත් එසේ නොකර රටට ගරු නොකරන තැනැත්තන් ශ්‍රී ලාංකිකයන් යැයි හැදින්වීමට කිසිදු අයිතියක් නැතැයි උන්වහන්සේ සදහන් කළහ. නත්තල් දින සැමරුම් මුද්දරය හා මුල්දින කවරය නිකුත් කිරීම තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් (27) මහනුවර ශාන්ත අන්තෝනි දෙව් මැදුරු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මුද්‍රා තබා අවලංගු කොට නිකුත් කළ තැපැල් මුද්දරය අමාත්‍යවරයා අතින් මහනුවර පදවියේ රදගුරු අතිඋතුම් වියාන් ප්‍රනාන්දු පියතුමා වෙත හා ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා වෙත ප්‍රදානය කළේය. නත්තල් උත්සවය පිළිබදව පාසල් හා විවෘත අංශයෙන් පවත්වන ලද චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහකයන්ට සහතික පත්‍ර ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුවිය. මේ තිරණාත්මක මොහොතේ එකම ජාතියක් එකම රටක් ලෙස ලෝකය හමුවේ පෙනී සිටිමට අප කටයුතු කළ යුතු යැයි කී රදගුරු අතිඋතුම් වියාන් ප්‍රනාන්දු පියතුමා මෙසේ ප්‍රකාශ කළේය.
ශ්‍රී ලාංකික ජාතියක්, එක පවුලක් ලෙස ජීවත්වීමට අපට හැකියාවක් ඇත්නම් එය තමයි ලෝකයට පෙන්විය හැකි උතුම් ම ආදර්ශය. එවිට ලෝකයාගෙන් විශාල ගෞරව බහුමානයක් ලංකා මාතාවට හිමිවෙනවා. ජන නායකයන් මෙන්ම සියලු ජාතීන් රට වෙනුවෙන් අත්වැල් බැද ගත යුතුයි.

ශ්‍රී ලාංකික අන්‍යතාවට ගරු නොකරන අයට මේ රට සාමය කරා ගෙන යාමට හැකියාවක් නැහැ. ජේසුස් දෙව් සමිදාණන් ලෝකයට ලබාදුන් සාමයේ පණිවුඩය ශ්‍රී ලාංකිකයන් වන අපට ද ඉතා වැදගත්. ජාතිය, ආගම, භාෂාව වශයෙන් බෙදී නොසිට ශ්‍රී ලාංකික ජාතියක් වශයෙන් ජීවත්වීම වඩා වැදගත් යැයි මහනුවර පදවියේ රදගුරු අතිඋතුම් වියාන් ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් සදහන් කළේය. තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම්, තැපැල් දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ රංජිත් රණසිංහ, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.ආර්.ගුණවර්ධන මහතා ඇතුලු පිරිසක් මෙම උත්සවය සදහා සහභාගීවූහ.
නදීක දයා බණ්ඩාර - මහනුවර

 

lk1

lk2

lk3

lk4

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment