වොෂින්ටන් ජනපදයට ඉහළ අහසේ, ඉලෙක්ට්‍රොනික යුධ ගුවන් යානාවක් යොදාගෙන සිදුකළ මෙම ක්‍රියාව ‘අවිනීත’ එකක් බවට මේ වන විට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.
විඩ්බි නාවික හමුදා මධ්‍යස්ථානය විසින් මෙම ක්‍රියාව සිදුකළ බව තහවුරු වී තිබේ.
ජනතාව 2500 ක් පමණ ජීවත් වන මධ්‍යම වොෂින්ටන් ප්‍රදේශයෙන් වාර්තා වන මෙම සිදුවීම හෙළිදරව් කෙරුණේ සමාජ ජාල වෙබ් අඩවි මගිනි. එම ජනතාව එය ඡායාරූපයට නගා ට්විටර් ප්‍රමුඛ සමාජ ජාලවල ට වහාම එක් කළේ, උපහාසය මෙන්ම කෝපය ද පළ කරමිනි.
මේ සම්බන්ධයෙන් විඩ්බි නාවික මධ්‍යස්ථාන නිලධාරීන් වහාම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ගුවන් කණ්ඩායමේ ක්‍රියාව කිසිසේත්ම අනුමත නොකරන බවත්, ඔවුන් මේ සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් පවත්වන බවත් ය.“මෙම ක්‍රියාවට වගකිව යුත්තන්ට විරුද්ධව කටයුතු කිරීම අනිවාර්ය බව’ ද ඔවුන් පවසා තිබේ.
“මෙම වගකීමකින් තොර, අපරිණත හැසිරීම සම්බන්ධයෙන් එම ක්‍රියාවෙන් අපහසුතාවට පත්වන අයගෙන් නාවික හමුදාව සමාව අයැද සිටින බව” ද එහි සඳහන් වේ.
බලධාරීන් ප්‍රකාශ කරන්නේ මෙවැනි අවිනීත ක්‍රියාවන්ට අද දිනයේ නාවික ගුවන් කර්මාන්තය තුළ කිසිදු ඉඩක් නොලැබෙන බවයි.
E/A-18 Growler වර්ගයේ මෙම ගුවන්යානාවට එකවර ගෙන යා හැක්කේ ගුවන් නියමුවාට අමතරව තවත් එක් අයෙකි. ඒ අනුව මෙම අවිනීත ක්‍රියාවට අවම වශයෙන් එක් අයෙක් හෝ දෙදෙනෙක් සම්බන්ධ බව පැහැදිලි අතර, ඔවුන්ගේ නම් මොනවාදැයි නාවික හමුදාව තවමත් හෙළි කර නැත.
මේ අතර ලන්ඩන් ගාඩියන් වෙබ් අඩවියේ එම සිද්ධියේ වීඩියෝ දර්ශනයක් ද ඇතුළත් කර තිබිණි.
- අමාලි ජයවීර
0 comments :
Post a Comment