විමල්ගේ මීළග පිම්ම මෛත්‍රී ළගටද? [Video]


පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ජනිපෙ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පසුගිය දිනවලදී අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා හමුවී ඇති බවත්, පළාත් පාලන මැතිවරණ නාම යෝජනා සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා සහ විමල් වීරවංශ මහතා අතර ඇතිව තිබෙන මත ගැටුම විමල් පාර්ශවයේ දේශපාලන පිම්ම ඉක්මන් කරනු ඇති බවද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

පොළොන්නරුවේ බණ්ඩක්කා හොදයි:

බැදුම්කර කොමිසම පත් කිරීම සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රසංශා කළ විමල් වීරවිංශ මහතා, එජාප මන්ත්‍රීවරුන්ගේ චෝදනාවල පිළිතුරු දෙමින් “කුරුදුවත්තේ ලංසි පැපොල්වලට වඩා පොළොන්නරුවේ බණ්ඩක්කා හොදයි“ යැයිද ප්‍රකාශ කළේය.

බෙදුම්වාදී ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගෙන නොඑනා ලෙස මොන මත වෙනස්කම් තිබුනද පොලොන්නරුවේ හැදුනු වැඩුනු පුද්ගලයෙකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටින බව ද විමල් වීරවංශ මහතා එහිදී පැවසිය.

පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පාර්ලිමේන්තුවේ අසුන් ගෙන සිටියේය.

වීඩියෝ


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment