විල්ගමුව රැකියා විරහිත උපාධිධාරීන් මධ්‍යම පළාත් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක;

විල්ගමුව රැකියා විරහිත උපාධිධාරීන් මධ්‍යම පළාත් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක;

 

මධ්‍යම පළාතේ උපාධිධාරී ගුරු පත්වීම් හා වෙනත් උපාධිධාරී පත්වීම් ලබාදීමේදී විල්ගමුව කලාපයට අසාධාරණයක් වූ බවත් තමන් සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගීව පත්වීමේ ලිපිය අපේක්ෂාවෙන් සිටිය දී ඒ වෙනුවට තරඟ විභාගයකට මුහුණදීමට සිදුවූ බව විරෝධතාකරුවන් පැවසුහ. විල්ගමුව කලාපයේ උපාධිධාරීන් 106 දෙනෙකු උපාධි පත්වීම් සදහා සම්මුඛ පරීක්ෂණවලට සහභාගී වී සිටි බවත් එසේ තිබියදී තරඟ විභාගයකට ප්‍රවේශපත්‍ර තැපෑලෙන් ලැබුණු බව විල්ගමුව කලාපයේ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සභාපති පූජ්‍ය කන්දේගම ඤාණරතන හිමියන් පැවසුහ. ඒ අනුව සිද්ධිය පළාත් අධ්‍යාපන බලධාරීන්ට දැනුවත් කළ බවත් ඔවුන් එහිදී තමන්ට කිසිදු ගැටලුවක් නොමැතිව ස්ථිර ලෙසම රැකියා ලැබෙන බව ඔවුන් ප්‍රකාශ කළ බව උන්වහන්සේ කීහ. ඒ අනුව තමන්ට අනපේක්ෂිත තරඟ විභාගයට කිසිදු සූදානමක් නොමැතිව පෙනී සිටීමට සිදුවූ බවත් ඒ සූදානම් නොවීම නිසා විශාල පිරිසක් විභාගයෙන් අසමත්වී ඇතැයි උන්වහන්සේ සඳහන් කළහ.

රැකියාවක් සදහා සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව පැවැත්වූ විභාගය නිසා තමන්ගේ රැකියා අවස්ථාව අහිමිවූ බව කියමින් විස්සකට ආසන්න පිරිසක් පල්ලකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා සංකීර්ණය අසල සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවී සිටියහ. ඔවුන් ඊට පෙර දින මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය අසලදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සිය ගැටලුව ඉදිරිපත් කළ අතර අදාල කාරණය බලධාරීන් දැනුවත් කර ඉටු කරන බව ජනාධිපතිරයා ඔවුන් හමුවේ කියා සිටියේය.
 

ජනපතිවරයා සිය ගැටලු විසදන බව ප්‍රකාශ කළත් අධ්‍යාපන බලධාරීන් සිය ගැටලුවට විසදුම් ලබා නොදෙන නිසා තමන්ට ස්ථීර විසදුමක් ලැබෙන තුරු මෙම සත්‍යග්‍රහයේ නිරතවන බව විල්ගමුව කලාපයේ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ සභාපති පූජ්‍ය කන්දේගම ඤාණරතන හිමියන් පැවසුහ.

නදීක දයා බණ්ඩාර - මහනුවර

pic1

pic3

pic4

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment