ඡන්දය කල්යයි. සුසිල්, ජෝන් මහින්ද හමුවට යයි.

ඡන්දය කල්යයි. සුසිල්, ජෝන් මහින්ද හමුවට යයි.

 

පසුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබුණේ තමන් සරමක් ඇඳගෙන මහින්ද රාජපක්ෂ සමඟ සාකච්චා කරන්නේ කෙසේද යනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා විමසා සිටි බවකි. එය සිරි රණසිංහ මහතා විසින් පරිවර්තනය කරවා සඳුදා ලංකාදීප පුවත්පතේ ද පළ කරවා තිබිණි. අඟහරුවාදා එනම් ඊයේ දිනයේදී සිරි රණසිංහ මහතාට දුරකථන ඇමතුමක් දුන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් එවන් ප්‍රකාශයක් කිසිසේත්ම නොකළ බවය. ඒ අනුව දැන් අප විස්වාස කළ යුත්තේ මුලින් කී ලංකාදීපයද පසුව කියනා ජනාධිපතිවරයාද යනුවෙන් ප්‍රශ්නයක් මතුවෙයි. වෙනස් වන දේශපාලන තත්වයන් අනුව ජනාධිපතිවරයා හදිසියේම ඒකාබද්ධ විපක්ෂය කෙරෙහි අමුතු ඇඟෑළුම්කමක් දක්වන්නට පටන් ගෙන ඇති බව මේ හරහා පෙන්නුම් කෙරේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ සීමා නීර්ණය සහ අපේක්ෂක සංඛ්‍යාව දැක්වෙන ගැසට් පත්‍රයට අද දිනයේ අභියාචනාධිකරණයෙන් ලැබුණු තහනම් නියෝගයත් සමඟ පළාත් පාලන මැතිවරණය කල්යාම නොවැළැක්විය හැකි බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. මීට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ප්‍රකාශ කර තිබුණේ මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ නිවේදනය නොවැම්බර් 27 නිකුත් කරන බවය. එහෙත් දැන් ගැසට් නිවේදනය සඳහා දෙසැම්බර් 04 වනදා දක්වා බලපැවැත්වෙන අතුරු තහනම් නියෝගයක් පැමිණ ඇති හෙයින් නාමයෝජනා කැඳවීමේ දිනය කල් දැමීමට සිදුව තිබේ. ඒ අනුව පළාත් පාලන අමාත්‍යවරයා කුමක් ප්‍රකාශ කළ ද මැතිවරණය කල්යාම වැළැක්විය නොහැකි තත්වයක් උද්ගතව තිබේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment