ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කළ අගමැතිවරයාට උණුසුම් පිළිගැනීමක්!

ඉන්දියාවේ නිල සංචාරයක් ආරම්භ කළ අගමැතිවරයාට උණුසුම් පිළිගැනීමක්!

අගමැතිවරයා සමග මෙම සංචාරයට ආචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද එක්ව සිටියාය.

මෙම පිලිගැනීමට ඉන්දියාව සඳහා ශ්‍රී ලංකා මහකොමසාරිස් වන චිත්‍රා වාගීශ්වර, ඉන්දීය විදේශ අමාත්‍යංශයේ  ප්‍රධාන සන්ධාන නිලධාරී සංජය වර්මා සහ උප ප්‍රධාන සන්ධාන නිලධාරී අභිෂේක් ෂුක්ලා යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.

අගමැතිවරයාගේ මෙම සංචාරයේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්වි පාර්ශික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත වේ.

 එසේම නවදිල්ලියේ පැවැත්වෙන ‘Global Conference on Cyberspace' හි පස්වන සමුළුවේ ආරම්භක උත්සවයට අගමැතිවරයා හෙට සහභාගි වීමට නියමිත වේ.

pm 2

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment